ශ්‍රී ලංකා කාන්තා පිළ පරදා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ලකුණු 76ක ජයක්

තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් සටනේ  ඊයේ (9) පැවති තරගය ලකුණු 76කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම  සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළාය.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 315ක් රැස්කිරීමට සමත්විය. 

දකුණු අප්‍රිකාව වෙනුවෙන් Dercksen පන්දු 84ක් තුළ ලකුණු 104ක් රැස්කර ගැනීමට සමත්විය. Tryon පන්දු 51ක් තුළ ලකුණු 74ක්ද, Brits පන්දු 48ක් තුළ ලකුණු 38ක්ද, Wolvaardt පන්දු 39ක් තුළ ලකුණු 33ක් ද රැස්කර ගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ විහංගා ලකුණු 43කට කඩුලු 5ක් බිදහෙලීමට සමත්විය. චමරි අතපත්තු කඩුලු 2ක්ද, නානායක්කාර එක් කඩුල්ලක්ද බිද හෙලීමට සමත් විය. 

ඒ අනුව ලකුණු 316ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ, ලකුණු 239ක් පමණි.

පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 52ක් ද, අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 43ක් ද රැස්කර ගැනීමට සමත් විය. 

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් Tryon කඩුලු 5ක්ද, Khaka කඩුලු 2ක්ද බිඳ හෙළීමට සමත් විය.

තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන ඉරිදා (11) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.


සටහන:
දැහැමි ප්‍රනාන්දු

මේ දිනවල පවතින වෛරස් රෝගවලට Read Previous

මේ දිනවල පවතින වෛරස් රෝගවලට

බණ්ඩාරනායක අනුස්මරණ  ජාතික පදනමෙන්  රජයට මිලියන 250ක් Read Next

බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රජයට මිලියන 250ක්

Realted Post

Leave a comment