20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ඇරඹෙයි

ලොව පුරා ක්‍රිකට් ලෝලී රසිකයින්ට තවත් බලාපොරොත්තු සහගත අවස්ථාවක් ළංවෙමින් තිබේ. එනම් 20යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයයි. මෙම තරගාවලිය අදින් (03) ආරම්භ වෙයි. ලබන විසි වැනි දින දක්වා පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලිය ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම "ඒ" කාණ්ඩය යටතේ තරඟ තරග වැදීමට නියමිත අතර ඕස්ට්‍රේලියා, ඉන්දියාව, පාකිස්තානය සහ නවසීලන්තය එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වේ.

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්  තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙසට ඇතුළත්ව සිටියි..

තරග තීරකවරියක් ලෙස මි‍ෂෙල් පෙරේරා ද  විනිසුරුවරියක් නිමාලි පෙරේරා ද එලෙස ඇතුලැත් වේ. 

9 වැනි වතාවටත් ක්‍රියාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවලින් තෝරා ගන්නා ලද නිලධාරීවරියන් 10 දෙනෙකුට මේ සඳහා අවස්ථාව ලැබේ

  • නයනා උදයංගනී

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද? Read Previous

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද?

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Next

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

Realted Post

Leave a comment