47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දස්කම් පෑ ජිම්නාස්ටික්

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී, මධ්‍යම පළාත් ජිම්නාස්ටික් පිරිමි කණ්ඩායම වසර ගණනාවක් අපරාජිතව ශූරතාවය දිනාගත් බස්නාහිර පළාත පරාජය කරමින් මෙවර ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් ශූරයන් බවට පත්වීමට මධ්‍යම පළාත් ජිම්නාස්ටික් පිරිමි A කණ්ඩායමට හැකි විය. 

මෙම කණ්ඩායමේ ක්‍රීඩකයින් හයදෙනාගෙන් පස් දෙනකු ම මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල නියෝජනය ක‍්‍රීඩකයින් වන අතර ක්‍රීඩකයෙක් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගී විය.

එමෙන්ම වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා ජිම්නාස්ටික් තරගාවලියේදී තෙවන ස්ථානය ලබා මධ්‍යම පළාත් කාන්තා කණ්ඩායම සමත්විය.

මධ්‍යම මධ්‍යම පළාත් පිරිමි සහ කාන්තා ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරමින් මෙම ජයග්‍රහණය ලබා දීම සඳහා ජාත්‍යන්තර ශ්‍රේණි 2 ජිම්නාස්ටික් පුහුණුකරු අමල් රසංග මහතාගේ කැපවීම විශේෂයෙන් කැපී පෙනුණි.

 

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක් Read Previous

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක්

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක් Read Next

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්

Realted Post

Leave a comment