LPL පළමු සටන යාපනය ජයගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 04 වැනි වරත් සංවිධානය කරනු ලැබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (30 වැනිදා) පැවැති පළමු තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 21ක ජයක් ලැබීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

වත්මන් ශූරයන් වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පෙර අදියර ත්‍රිත්වයේද ශූරයෝ වෙති.

මෙහිදී ජැෆ්නා වෙතින් හිමි වූ ලකුණු 174ක ඉලක්කයට පිළිතුරු ලෙස කළම්බු කණ්ඩායමට පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 152ක් පමණි. කළම්බු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20 අවසන් කළේ ලකුණු පුවරුවට ලකුණු 173/5ක් එක්කරමිනි.

තරගයේ වීරයා ලෙස කඩුලු 02ක් දවාලමින් හා උඩපන්දු දෙකක් රැකගනිමින් ජැෆ්නා දිනවීමට දායක වූ විජයකාන්ත් වියස්කාන්ත් සම්මාන දිනාගත්තේය.

සටහන - දමිත් වාසල

ඡායාරූප අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට්

 

මෙරට නිර්මාණය වූ වංචාවන්ගේ අගමුල සොයන Missing Threads Read Previous

මෙරට නිර්මාණය වූ වංචාවන්ගේ අගමුල සොයන Missing Threads

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න. Read Next

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න.

Realted Post

Leave a comment