MR.NOVICE 2025 මාතලේදියි

MR.NOVICE 2025 මාතලේ දිස්ත්‍රික් ආධුනික   අයෝමය ශූරයා තේරීමේ තරගය,ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍ය සම්මේලනයේ පුර්ණ අධීක්ෂණය හා අනුමැතිය යටතේ, මාතලේ දිස්ත්‍රික් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය  මගින් පසුගිය දා  මාතලේ උකුවෙල නගර ශාලාවේදී පැවැත්විණ. 

එහිදී බරපංති 7ක් යටතේ කාය වර්ධන තරගාවලියත්,විවෘත තරගයක් වශයෙන් පිරිමි කායික තරගයත් (Men's Physics) පවත්වන ලදි.

මෙම තරගාවලිය සදහා මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් විශාල ක්‍රීඩකයන් පිරිසක් සහභාගි වූ අතර, එහිදී පිරිමි කායික අංශයේ ශූරතාව හා මාතලේ දිස්ත්‍රික් අයෝමය ශූරයා වශයෙන් අභිශේක ලැබන්නට දඹුල්ල POWER GYM ක්‍රීඩා සමාජය නියෝජනය කල, R A සදෙව් තීක්ෂණ ක්‍රීඩාකයා සමත් විය.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ගරු උප සභාපති,මධ්‍යම පලාත් ප්‍රධාන සංවිධායක හා මහනුවර දිස්ත්‍රික් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමයේ සභාපති R M බණ්ඩාර මහතා ඇතුලු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

 

දරුවෙකු ලැබීමෙන් පියයුරු පිළිකා අවදානම අඩුවෙයි? නවතම පර්යේෂණ වාර්තාවක් Read Previous

දරුවෙකු ලැබීමෙන් පියයුරු පිළිකා අවදානම අඩුවෙයි? නවතම පර්යේෂණ වාර්තාවක්

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි Read Next

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි

Realted Post

Leave a comment