එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අතර පසුගිය 31 වනදා පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 277ක් රැස් කළේය. 

පන්දුවට පහර දීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Curran ලකුණු 79ක්ද, Raza නොදැවී ලකුණු 59ක් රැස් කළේය. 
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 3ක්ද, අසිත ප්‍රනාන්දු කඩුලු 2ක්ද බිඳහෙළීමට සමත් විය.

ඒ අනුව ලකුණු 278ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් තුළදී කඩුලු 5ක් පමණක් දැවී එම ජයග්‍රාහී ඉලක්කය හඹායාමට සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 122ක් රැස්කිරීමට සමත් විය. නායක චරිත් අසලංක ලකුණු 71ක් ද, සදීර සමරවික්‍රම ලකුණු 31ක්ද රැස්කර ගත්තේය. 

තරගයේ සහ තරගාවලියේ වීරයා පැතුම් නිස්සංක.

සටහන : දැහැමි ප්‍රනාන්දු

වියට්ජෙට් නොමිලේ ගමන් මලු පහසුකම් Read Previous

වියට්ජෙට් නොමිලේ ගමන් මලු පහසුකම්

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Next

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

Realted Post

Leave a comment