කෑගලු දිස්ත්‍රික් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගැයෙති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල සම්මාන ප්‍රධානෝත්සවයන් අතර කෑගල්ල දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රිකට් සම්මාන ප්‍රධානය ඉකුත්දා ඉතා උත්කර්ෂවත් අන්දමින් කෑගල්ල ස්ලීක් කැමේලියා හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්විණ. මෙහිදී එම දිස්ත්‍රික්කය තුළ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ 81 දෙනෙකු වෙනුවෙන් සහතිකපත් පිරිනැමීම මෙදිනදී පිරිනැමිණ.
අදාළ සම්මාන ප්‍රධානෝත්සවයේදී එම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළාත් මට්ටමට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්ද සම්මාන ප්‍රධානය කෙරිණි. මෙහිදී වයස අවුරුදු 19 න් පහ වයස් කාණ්ඩය යටතේ සුපිරි පළාත් තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලද තෝලංගමුව ඩඩ්ලි සේනානායක මැදි මහ විදුහලේ ඉසුරු ලක්ෂාන් ද, නැෂනල් සුපර් ගීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සංචිතයට ඇතුත් කෙරුණු ශාන්ත මරියා විදුහලේ ධනුෂ්ක සඳරුවන් සහ පළමුපෙළ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට වරම් ද ශාන්ත මරියා විදුහලේ ගජිත කොටුවේගොඩ යන ක්‍රීඩකයින්වද මෙහිදි ඇගැයීමට ලක් කරමින් සහතික පත්‍ර ප්‍රධානය කිරීම කැපීපෙනිණ.
මේ සම්මානවලට අමතරව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් පවත්වන ලද වයස අවුරුදු 15, අවු. 19 න් පහළ බාළක සහ අවු. 19 න් පහළ සහ අවු. 23 න් පහළ කාන්තා අංශයන්හි දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද මෙහිදී සම්මාන ප්‍රධානය කෙරිණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික,මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් සහ මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා ලෙසින් කටයුතු කරන ජානක පතිරණ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන අංශයේ ප්‍රධාන කමල් ධර්මසිරි මහතා මෙම සම්මාන ප්‍රධානෝත්සවයේ ප්‍රදාන ආරාධිතයෙන් ලෙස සහභාගිවූහ.
වයස අවුරුදු 15 න් පහළ ක්‍රීඩකයින්
හොඳම පිතිකරු - නෙෂාන් ලියනගේ (ශාන්ත මරියා විද්‍යාලය)
හොඳම පන්දු යවන්නා - මිගාර ගම්ලත් (කෑගලු විද්‍යාලය)
හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා - නෙෂාන් ලියනගේ (ශාන්ත මරියා විද්‍යාලය)
වයස අවුරුදු 15 න් පහළ - පළාත් ක්‍රිකට් තරඟාවලිය නියෝජනය
මිගාර ගම්ලත් (කෑගලු විද්‍යාලය)
අවු. 15 න් පහළ වයස් කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් සමන්විත පළාත් සංචිතය නියෝජනය
නේෂාන් ලියනගේ (ශාන්ත මරියා විද්‍යාලය)
වයස අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයින්
හොඳම පිතිකරු - මලීෂ ආකාශ (ශාන්ත මරියා විද්‍යාලය)
හොඳම පන්දු යවන්නා - සමිත සඳරුවන් (ශාන්ත මරියා විද්‍යාලය)
හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා - ඉසුරු ජනිත් (ඩඩ්ලි සේනානායක මධ්‍යම විද්‍යාලය, තෝලංගමුව)
අවු. 19 න් පහළ සුපිරි පලාත් ක්‍රිකට් තරගාවලිය නියෝජනය
ඉසුරු ලක්ෂාන් (ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, තෝලංගමුව)
වයස අවුරුදු 23 න් පහළ කාන්තා
හොඳම පිතිකාරිනිය - දිල්ෂානි කුමාරසිරි (කෑගලු බාලිකා විද්‍යාලය)
හොඳම පන්දු යවන්නා - රන්දි ප්‍රේමරත්න (ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය)
හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව - රන්දි ප්‍රේමරත්න (ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය)
ජාතික සුපර් ලීග් තරඟාවලිය නියෝජනය කළ ක්‍රීඩිකාවන්,
එක්දින කාණ්ඩය සහ සිව්දින තරඟාවලියේ සංචිතය - ධනුෂ්ක සඳරුවන් (ශාන්ත මරියා)
ටියර් A - ප්‍රිමියර් ලීග් තරඟාවලියේ නියෝජනය
ගජිත කොටුවේගොඩ (ශාන්ත මරියා විද්‍යාලය)
බාලිකා - එක්දින කාණ්ඩය
රන්දි ප්‍රේමරත්න (ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය)
තෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලිය -2024
ශූරතාව - යෙලෝ බර්ඩ් ක්‍රිකට් සමාජය
අනුශූරතාව - ඕල්ඩ් මේරියන්ස් ක්‍රිකට් සමාජය
ටී-20 ක්‍රිකට් තරඟාවලිය-2024
ශූරතාව - ඕල්ඩ් විද්‍යාලියන්ස් ක්‍රිකට් සමාජය
අනුශූරතාව - ඕල්ඩ් මේරියන්ස් ක්‍රිකට් සමාජය
සය සාමාජික ක්‍රිකට් තරගාවලිය 2024
ශූරතාව - ශ්‍රී ලක් ක්‍රිකට් සමාජය
අනුශූරතාව - ඩිෆෙන්ඩර් ක්‍රිකට් සමාජය
මාතලේ මහේෂ් කිර්තිරත්න
Leave a comment