රග්බි වලින් කප් ගසපු තිසලි සෙනෝත්මා

මෙරට පාසල් ක්‍රීඩා අතරට අළුතින් එක්වූ බාලිකා රග්බි ක්‍රීඩාව ක්‍රමයෙන් මෙරට ජනප්‍රිය වෙමින් පවතී.

ලොව රටවල් ගණනාවක මේ වන විට ජනප්‍රියත්වයේ අංක එකේ සිටින ජාත්‍යන්තර කාන්තා රග්බි ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩිකාවන් එක් කෙරෙන මෙරට පාසල් පද්ධතිය තුල බාලිකා රගර් ක්‍රීඩිකාවන් රැසක් දස්කම් දක්වමින් සිටින අතර ඒ අතුරින් මහනුවර සරසවි උයන මහ විදුහලේ කේ.ඒ.තිසලි සෙනෝත්මා පෙරේරා ක්‍රීඩිකාව හඳුන්වා දිය හැක.

වයස අවුරුදු 16 න් පහළ පාසල් බාලිකා රග්බි ක්‍රීඩාවේ දස්කම් අතින් ඉදිරියෙන් සිටින සෙනෝත්මා ඇයගේ නායකත්වය යටතේ ඇති සරසවි උයන බාලිකා කණ්ඩායම මධ්‍යම පළාතේ හොඳම බාලිකා රග්බි කණ්ඩායම ලෙස ඉදිරියට ගෙන ඒමට සමත් වී ඇත.

වේගය, පෙරමුණ ගැනීම,කණ්ඩායම් හැඟීම,ඉලක්කය වෙත හඹා යාම වැනි රග්බි ක්‍රීඩාවේ මූලික අංග අතින් පෙරමුණේ සිටින සෙනෝත්මා පාසල් රග්බි ක්‍රීඩාවේ මහනුවර රැජින ලෙස නම් දරා සිටී.

ශ්‍රී ලංකා පාසල්  රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද වාර්ෂික බාලිකා රග්බි තරඟාවලියේදී ඇගේ නායකත්වයෙන් යුතු සරසවි උයන විදුහල් රග්බි කණ්ඩායමට ball runrup ශූරතාවය දිනා ගැනීමට හැකි විය.

පාසල් බාලිකා රග්බි ක්‍රීඩාවට අළුත් අත් දැකීම් රැසක් එක් කරන මහනුවර සරසවි උයන විදුහල් රග්බි කණ්ඩායම එම ක්‍රීඩාවට නව පිටුවක් එක් කරමින් කෑගල්ල ස්වර්ණ ජයන්ති මහ විදුහල සමඟ වාර්ෂික මහා තරඟයක් පවා සංවිධානය කිරීමට උනන්දු වන්නේ සෙනෝත්මා ඇතුළු ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා තව දුරටත් පෙරට ගැනීම සදහාය.

සරසවි උයන විදුහලේ බාලක රග්බි කණ්ඩායම දක්ෂ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත වන අතර සෙනෝත්මා රග්බි ක්‍රීඩාවට යොමු වන්නේ එම ක්‍රීඩකයන් සමගය.

ඒ ඇය දෙවැනි  ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවධියේ සිටය.

පිරිමි ළමුන් සමඟ උරෙන් උර ගැටී ක්‍රීඩා කරමින් ලබාගත් රග්බි ක්‍රීඩා පන්නරය නිසා අද වන විට ඇය බාලිකා රග්බි ක්‍රීඩාවට අළුත් තරඟ අත්දැකීම් රැසක් එක් කරමින් පාසලට මෙන්ම ශ්‍රීලංකාවේ කාන්තා රග්බි ක්‍රීඩාවට නව ජීවයක් ලබාදීමට සමත්වී සිටින්නීය. 

ඇයගේ දක්ෂතා හඳුනාගත් මෙරට ප්‍රධාන පෙලේ රග්බි ක්‍රීඩා සමාජයක් වන CR&FC ක්‍රීඩා සමාජය ඇයට දක්ෂතා අතින් තවදුරටත් ඉදිරියට යාම සදහා පුහුණුවීමේ අවස්ථාව හිමි කරදීමට කටයුතු කර තිබේ

රග්බි ක්‍රීඩාවට අමතරව මළල ක්‍රීඩාවෙන් ද දක්ෂතා දක්වන ඇය 2019- 2023 මලල ක්‍රිඩා කණ්ඩායමෙ උප නායිකාව 2023 අවුරැදු 16 පහල රගර් කණ්ඩායමෙ නායිකාව 2024 අවුරැදු 18 පහල රගර් කණ්ඩායමෙ නායිකාව 2023 පාසලේ ප්‍රධාන ක්‍රිඩා නායිකාව මෙන්ම පාසල් මට්ටමින් නෙට්බෝල්, එල්ලේ, යගුලිය,වොලි බෝල් , දුර පැනිම හා කඩුලු පැනිමෙ ක්‍රිඩාවන්ගෙන්ද විශේෂ දක්ෂතා දක්වා සහාතික ලබා ඇත. 

තවද 2019 සිට පාසල් 100m, 200m, 400m සහාය දිවිමෙ කණ්ඩායම නියොජනය කරමින් පාසල් මට්ටමෙන් හා අන්තර් පාසල් මට්ටමින් විශේෂ දක්ෂතා දක්වා ප්‍රථම ස්ථානයන් දිනා ඇත.

100m හා 400m කඩුලු පැනිමෙ ඉසව්වෙන්ද පාසල් මට්ටමින් ඉදිරියෙන් සිටි. 

2024 වර්ෂයෙ වසරෙ ක්‍රියාශීලිම ක්‍රිඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබිය.

මධ්‍යම පළාත් රගර් ශුරතාවයත් ජාතික පාසල් තෙවන ස්ථානය ලබාගැනිමට විශිෂ්ඨ දස්කම් දක්වමින් කණ්ඩායම මෙයවන ලදි. 

එම දක්ෂතා හේතුවෙන් පසුගිය දා මහනුවර දී පැවැති මධ්‍යම පළාත් වර්ණ ප්‍රදාන උත්සවයෙ පළාත් වර්ණ දිනා ගැනීමට ඇයට හැකි විය.

සෙනෝත්මා ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ හිටපු ආරක්ෂක හා ක්‍රිඩා නියොජ්‍ය ආමාත්‍යවරියකි, පාසල් ව්‍යවසායක කවයෙ නායිකාව වගෙම බිම්මල් ආශ්‍රිත නිෂ්පාදන වලින් ව්‍යවසායිකාවක් ලෙස ඉදිරියට යමින්ද ආහාර වර්ග නිෂ්පාදනය මගින්ද ව්‍යවසායිකාවක් ලෙස කැපිපෙනෙන දස්කම් දැක්වු හෙයින් 2024 කොළඹ නෙලුම් පොකුණ රගහලෙදි විශිෂ්ඨයන් ඇගයිමෙදි ඉහලම ඇගයිමට ලක් විය.

සරසවි උයන විදුහලේ වත්මන් විදුහල්පති ජයන්ත බණ්ඩාර මහතා ඇයගේ ඉදිරි ගමනට නිරතුරුව දිරියක් වන අතර රග්බි පුහුණුකරු ලෙස හේෂාන් ගමගේ මහතාද  මළල ක්‍රීඩා පුහුණුකරු ලෙස බී .එම්.සුසන්ත මහතා ද ක්‍රීඩා භාර ආචාර්ය වරිය ලෙස මල්කා විජේසූරිය මහත්මිය ද කටයුතු කරති. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

මාතලේ විජය විද්‍යාලයට අලුත් ආරම්භයක් Read Previous

මාතලේ විජය විද්‍යාලයට අලුත් ආරම්භයක්

ලග්ගල පැවැත් වූ තාක්ෂණික පුහුණු වැඩසටහන Read Next

ලග්ගල පැවැත් වූ තාක්ෂණික පුහුණු වැඩසටහන

Realted Post

Leave a comment