ගෝල් ටයිටන්ස්ට කඩුලු 7ක ජයක්

2023 එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අද (13දා) පස්වරුවේ පැවැති තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 07ක ජයක් ලැබීමට දසුන් චානකගේ  නායකත්වයෙන් යුත් ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානදී සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 89ක් පමණි. 

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී තරගයේ 14(13.3) වැනි පන්දුවාරයේදී ලකුණු 90ක් ලබා ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.
තරගයේ වීරයා ලෙස කසුන් රාජිත සම්මාන දිනාගත්තේය. ඔහු පන්දුවාර 04 තුළදී ලකුණු 20කට කඩුලු 04ක් බිඳදැමීමට සමත් විය.

සටහන - දමිත් වාසල

ඡායාරූප - ශ්‍රී  ලංකා ක්‍රිකට්

හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි Read Previous

හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් සිව්වන ගුවන් යානය මෙරටට ළගා වෙයි Read Next

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් සිව්වන ගුවන් යානය මෙරටට ළගා වෙයි

Realted Post

Leave a comment