මාතලේ ශාන්ත තෝමස් ආදි රග්බි සංගමය මගින් සංවිධානය කරන ලද 2025 රග්බි දිනය

මාතලේ ශාන්ත තෝමස් ආදි රග්බි සංගමය මගින් සංවිධානය කරන ලද 2025 රග්බි දිනය මෙවරත් අති සාර්ථකව පවත්වන පැවැත්විණි. 

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනයේදී  තරඟ ත්‍රිත්වයකින් අලංකාර වූ වැඩසටහන සඳහා ආරාධිත කණ්ඩායම් ලෙස රංගිරි දඹුල්ල ජාතික පාසැලේ 12 න් පහල හා 14 න් පහල රගර් කණ්ඩායම් දෙකක් ශාන්ත තෝමස් කණ්ඩායම් සමග තරඟ වැදුනි.

දිනයේ විශේෂ තරඟය වූයේ ශාන්ත තෝමස් ආදි රග්බි ක්‍රීඩකයන් හා වර්තමාන ශාන්ත තෝමස් 19 න් පහල ක්‍රීඩකයන් අතර පැවති තරඟයයි. මීට දශක තුනකට ආසන්න කාලයක සිට විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කල ආදි රග්බි ක්‍රීඩකයෝ යොවුන් ක්‍රීඩකයන් සමග කරට කර ක්‍රීඩාවේ යෙදුනෝය. මෙහිදී  ලකුණු 38 - 07 ක් ලෙස ආදී රග්බි කණ්ඩායම ජයග්‍රහණය හිමිකර ගැනීම විශේෂත්වයයි. විද්‍යාලයීය රග්බි කණ්ඩායමට ශක්තියක් වීම සඳහා ආදී ක්‍රීඩකයන් නිරන්තර වැඩසටහන් පවත්වන අතර රග්බි දිනය එහි ප්‍රමුඛතාවයක් ගනී. ශාන්ත තෝමස් ආදි රග්බි සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමද මෙදින සවස් භාගයේ පැවැත්වූ අතර සංගමයේ නව නිලධාරී මණ්ඩලය ලෙස සභාපති C.K. අබේවර්ධන මහතා ද , ලේකම් ලෙස අමිල රාජකරුණා මහතාද, භාණ්ඩාගාරික ලෙස රුක්ෂාන් අසීස් මහතාද තේරී පත්විය. අනතුරුව ශාන්ත තෝමස් ආදි රග්බි සංගමයේ වාර්ෂික සුහද හමුව ද පැවැත්විණි.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

 

Crimson Elegance Rukshana Read Previous

Crimson Elegance Rukshana

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි Read Next

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි

Realted Post

Leave a comment