අඩු වියදමට වැඩි පෝෂණයක්

1. පොටෙටෝ බැලූන්
 අවශ්‍ය ද්‍රව්‍ය
අර්තාපල් අල ග්‍රෑම් 500 ක්
කෝන්ෆ්ලවර් ග්‍රෑම් 50 ක්
 බටර්  fා් මාගරීන් මේස හැඳි 1 ක්
 තල ඇට මේස හැඳි 1 ක්
 පොල් තෙල් මේස හැඳි 3, 4 ක්
 කහ කුඩු තේ හැඳි 1 ක්
 ලුණු කුඩු  තේ හැඳි 1 ක් 
 ගම්මිරිස් කුඩු  රස අනුව
  කුඩාවට කපාගත් හතු කෝප්ප 1 ක්
  තම්බා කුඩාවට කපාගත් කැරට් අල 1-2 ක්
  කපාගත් ගොටුකොළ කැබලි මිටක්
 බෙල්පෙර් කරල් 1 ක්
කුඩා කැබලි කපාගත්  ලොකුලූනු ගෙඩි 1 ක්
තළාගත් ඉඟුරු, සුදුලූනු තේ හැඳි 1 ක්
 සූදුරු ඇට තේ හැඳි 1/2 ක්
 තම්බා ගත්  බිත්තර (කුඩාවට කපාගත්)

 සාදන ක්‍රමය
අර්තාපල් පොතු හැර කෑලි කපා බඳුනකට දමන්න. එයට ලුණු සහ කහ දමා අර්තාපල් කැබලි වැසෙන ආකාරයට වතුර දමා  වතුර හිදෙන තුරු හොඳින් තම්බන්න. එය ක්‍රීම් ආකාරයට පොඩි කරන්න. දැන් එයට කෝන්ෆ්ලවර්, ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු සහ බටර් හෝ මාගරීන් එකතු කර අනන්න. එයින් කුඩා බෝල සාදා පැත්තකින් තබන්න. දැන් සාදාගත් බෝල අඟල් 1/2 ක් ගනකමට අඟල් 3, 3 1/2 විෂ්කම්භයට අඟල් 1/2 ක් ගනකමට තුනී කරන්න. එක් අර්තාපල් පළුවක් ගෙන එහි මැදට පිරවුමෙන් ටිකක් තබා තුනී කරගත් තවත් අල රවුමකින් වසන්න. එහි වටේට අතින් තද කර  හැඩ කරන්න. මේ ආකාරයට සියල්ල සාදා  සාස්පානකට තෙල් ටිකක් දමා රත්කර සාදාගත් අල බැලූන් එක් පැත්තක් බැද අනෙක් පැත්ත හරවා බැද ලිපෙන් ඉවතට ගන්න. 

 පිරවුම අවශ්‍ය ද්‍රව්‍ය
 තාච්චියක් ලිප තබා තෙල් දමා රත්වන විට තළාගත් ඉඟුරු, සුදුලූනු, දමා බැදෙන විට කපාගත් ලොකුලූනු දමා තෙම්පරාදු කරන්න. හතු ද එකතු කර විනාඩි 2 ක් පමණ තෙම්පරාදු කරන්න. කුඩා කැබලි කපාගත් කැරට් ද, බෙල්පෙපර් සහ තම්බා ගත් බිත්තර සහ ලුණු, ගම්මිරිස්,  දමා සූදුරු ඇට දමා  කලවම් කර ලිපෙන් ඉවත් කරන්න.  

 



2. එළවළු මෆින් 
 අවශ්‍ය ද්‍රව්‍ය
 බිත්තර 2 ක්
 කුඩාවට කපා හෝ ගාගත් කැරට් අල  1 ක්  
රතුලූනු ගෙඩි කිහිපයක්
 අමුමිරිස් කරල් 1 ක්
සිහින්ව කපාගත් මුකුණුවැන්න කොළ කිහිපයක්
 තම්බා පොඩි කරගත් මාළු මේස හැඳි 1 ක්
 කුඩාවට කපාගත් බෝංචි කරල් 1 ක්
  බේකින් පවුඩර් තේ හැඳි 1/4 ක්
  මාගරින් තේ හැඳි 1 ක්
  කඩල පිටි තේ හැඳි 1 ක්
  ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ස්වල්පයක්

  සාදන ක්‍රමය
   බිත්තරය ගසන්න. එයට කඩල පිටි එකතු කර හොඳින් කලවම් කරන්න. එයට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ කපාගත් එළවළු මිශ්‍ර කරන්න. එයට අනෙක් එළවළුවලින් කැරට් මුකුණුවැන්න, බෝංචි, මාළු. අමුමිරිස්, රතුලූනු කලවම් කරන්න.  මෆින් තැටියක් ගෙන එහි මාගිරීන් ආලේප කර සාදාගත් මිශ්‍රණය මෆින් තැටිවලට පුරවා සෙන්ටිග්‍රේඩ් 170- 180 උෂ්ණත්වයට  මිනිත්තු 10- 15 ක් බේක් කරන්න.



3. මොණර කුඩුම්බිය කැඳ
 අවශ්‍ය ද්‍රව්‍ය  
මොණර කුඩුම්බිය ගස් කිහිපයක්
 කැකුළු හාල් මිටක්
 පොල් බෑයක පොල්
  ලුණු ස්වල්පයක්

 සාදන ක්‍රමය
  කැකුළු හාල් සෝදා ලුණු සහ වතුර ටිකක් වැඩිපුර  දමා තම්බන්න. මොණර කුඩුම්බිය සෝදා පිරිසුදු කර  පොල් සමග බ්ලෙන්ඩ් කර ඉස්ම මිරිකන්න.  බත තැම්බුණු පසු  බත් ටික බ්ලෙන්ඩරයට දමා  බ්ලෙන්ඩ් කරන්න. නැවතත් මොණර කුඩුම්බිය යුෂ දමා බ්ලෙන්ඩ් කරන්න. දැන් මිශ්‍රණය ලිප තබා  මිනිත්තු 2 ක් පමණ පිසින්න. කැඳ එක නැටීමට පෙර ලිපෙන් ඉවතට ගෙන රසයට ලුණු එකතු කරන්න. 


 පුෂ්පා රණවීර  

ලෝකය තෙවැනි ලෝක යුද්ධයක අද්දරද? මැදපෙරදිග යුද ගින්න ඇවිළෙයි Read Previous

ලෝකය තෙවැනි ලෝක යුද්ධයක අද්දරද? මැදපෙරදිග යුද ගින්න ඇවිළෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන  ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව Read Next

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව

Realted Post

Leave a comment