අලුත් විදියට පපායා විත් ග්‍රීන් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සිහින්න කැපූ බාගෙට ඉදුණු ගස්ලබු ග්‍රෑම් 500 ක්.
  • කුඩාවට කඩාගත් සලාද කොළ ග්‍රෑම් 100 ක්.
  • සිහින්න කැපූ කොළ ඇපල් ග්‍රෑම්  500 ක්.
  • කුඩාවට කැපු ගර්කින් ග්‍රෑම් 25 ක්.
  • කැබලි ගම්මිරිස් ග්‍රෑම් 10 ක්.
  • රස අනුව ලුණු. 
  • දෙහි පලුවක යුෂ. 

සාදන අයුරු

භාජනයක් ගෙන සියලු අමුද්‍රව්‍ය දමා ගෑරුප්පුවක් ආධාරයෙන් කලවම් කරගන්න. පසුව මෙය විනාඩි 10  පමණ කාලයක් ශීතකරණයේ තබන්න. සලාදය කෑමට ගැනීමට පෙර දෙහි යුෂ එකතු කර කලවම් කරන්න. 

සටහන - මහේෂානි මීගහපොල.

ඉදිරිපත් කිරීම - දේශීය ආහාර සහ කේක් නිර්මාණ ශිල්පිණී, සූපවේදනී,
ජෙනෙව්රා දාබරේ.

පියයුරු පිළිකාව පරදන්න පපුවට අත තියලා දිව්රන්න Read Previous

පියයුරු පිළිකාව පරදන්න පපුවට අත තියලා දිව්රන්න

හැඩට අඳින්න කැමති හැඩකාර කෙල්ලන්ට අපූරු විලාසිතා Read Next

හැඩට අඳින්න කැමති හැඩකාර කෙල්ලන්ට අපූරු විලාසිතා

Realted Post

Leave a comment