අවුරුදු දා කන කිරිබත්වල ගුණ දැනගන්න

 

සිංහල අලුත් අවුරුද්දේ ආහාර පිසීම නැකත මෙවර අප්‍රේල් මස   14 වැනි සඳුදා පූර්ව භාග 04.04 ට යෙදී තිබේ. එහිදී තඹ වර්ණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප බැඳ ගිනි මොළවා කිරිබතක්, , කැවිලි වර්ගයක්, දී කිරි හා විලඳ  පිළියෙල කර ගැනීම කළ යුතුය. දීකිරි සහ විලඳ ආහාර පිසීමේදී එකතු කර ගැනීමේ වැදගත්කම ගැන යි මේ සටහන. 

කිරිබත් වඩාත් සෞඛ්‍යමත් හිතකර ආහාරයක් ලෙස ගැනීමට නම් ඒ සඳහා  රතු කැකුළු සහල්  යොදා ගැනීම වඩාත් සුදුසුයි. . රතු කැකුළු සහල් ආහාර ජීර්ණ පද්ධතියට බොහෝසෙයින් හිතකරයි,  ආහාරමය තන්තු සහ සිරුරට අවශ්‍ය  පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විතයි . සිරුරේදි කාබෝහයිඩ්‍රේට් වඩාත් සෙමින් ජීර්ණය වීම සිදුකරයි .

ඒවගේම කිරිබතට පොල් කිරි එකතු කිරීමෙන්, සිරුරට අවශ්‍ය කරන විටමින් , ඛනිජ ලවණ ලබා ගැනීමට පුළුවන්. විටමින් සී, යකඩ, සෙලෝනියම්, මැග්නීසියම්, පොටෑසියම්, තඹ වගේම සිරුරට අවශ්‍ය කරන හිතකර මේද ලබාදෙයි.

දී කිරි -  විළඳවල ගුණ 

දී කිරිවල විශාල ලෙස සිරුරට අවශ්‍ය කරන ගුණ වතිනවා.  අධික තන්තු සහිත ආහාරයක්ද වෙනවා, හිතකර මේද අම්ල, ඛනිජ ලවණ, විටමින් වර්ග, ජීර්ණය කළ හැකි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන වැනි සිරුරට අවශ්‍ය කරන සියලු පෝෂ්‍ය පදාර්ථ ගැබ් වී තිබෙනවා. 

විලඳ ගතහොත් ආහාර රුචිය වර්ධනය කරයි., ආහාර ජීර්ණය පහසුකර, ආහාර ජීර්ණ මාර්ගයේ රෝග මතුවීම වළක්වාලයි, පෝෂණ ගුණයෙන් ද ඉහළයි. 

අදහස් දැක්වීම_ආයුර්වේද වෛද්‍ය වත්සලා මදුෂානි
සටහන- මහේෂානි මීගහපොල. 

 

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී Read Previous

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Next

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

Realted Post

Leave a comment