ඇනිමල් ෂානීස්

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා පොඩිකර ගත් බඩ ඉරිඟු ඇට නැතිනම් ස්වීට් කෝන්( ෆුඞ් සිටි වලින් ගත හැකිය)  ග්‍රෑම් 50 ක්
ග්‍රීන් පීස් ග්‍රෑම් 25 ක්
තම්බා ගත් අල ග්‍රැම් 75 ක්
මයිනෝස් සෝස් මේස හැඳි 2 ක්
ලුණු කුඩු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
දුඹුරු පාන්පෙති කිහිපයක්


සාදන ක්‍රමය
ස්වීට්කෝන් (ග්‍රීන්පීස්) සමග අල හොඳින් පොඩි කරන්න. එයට මයිනෝස් සෝස්, ගම්මිරිස්, ලුණු එකතු කර කලවම් කරන්න. පාන් ගෙන සතුන්ගේ හැඩයට කටර්වලින් කොටස් කපන්න. (කටර් වෙළෙඳ පොළෙන් ගත හැකිය) එවැනි පාන් කොටසක් ගෙන මිශ්‍රණය තවරන්න. අනෙක් කොටසින් වසන්න. මේ ආකාරයට සැන්ඞ්විච් කොටස් සාදා ගත හැකිය. 

 

ක්‍රීම් චීස් සැන්ඞ්විච්

 

අවශ්‍ය ද්‍රව්‍ය
ක්‍රීම් චීස් ග්‍රෑම් 50 ක්
යෝගට් මේස හැඳි 1 ක්
තම්බා පොඩිකරගත් කුකුළු මස් ග්‍රෑම් 50 ක්
කුඩාවට කපාගත් අන්නාසි කැබලි ග්‍රෑම් 50 ක්
සතුන්ගේ හැඩයට කපා ගත් පාන්පෙති


සාදන ක්‍රමය
 ක්‍රීම් චීස් හා යෝගට් හොඳින් ගසන්න. එයට තම්බා පොඩි කරගත් කුකුළු මස් සහ කුඩාවට කපාගත් අන්නාසි කැබලි  එකතු කරන්න. දැන් පාන් පෙති දෙකක් ගෙන එහි එක් පැත්තක මිශ්‍රණය තවරා අනිත් පෙත්තෙන් වසන්න. මේ ආකාරයට අවශ්‍ය පාන්පෙති සකස් කරන්න.

කටක Read Previous

කටක

කන්‍යා Read Next

කන්‍යා

Realted Post

Leave a comment