ඇපල් පෑන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 1 ක්

  • මෙල්ට කරගත් බටර් මේස හැඳි 2 ක්

  • වැනිලා තේ හැඳි 2 ක්

  • පිටි කෝප්ප 2 ක්

  • සීනි තේ හැඳි 4 ක්

  • කිරි කෝප්ප 1/4 ක්

  • බේකින් පවුඩර් තේ හැඳි 1/2

  • කපාගත් ඇපල්

සාදා ගන්නා ආකාරය

භාජනයකට බටර් දමා ලිපේ තබා දියකර වෙනත් භාජනයකට දමා නිවාගන්න.

භාජනයකට කිරි, බිත්තර, දියකරගත් බටර්, සීනි, වැනිලා දමා හොඳින් කලවම් කරගන්න.

ඉන්පසු හලාගත් පිටි හා බේකින් පවුඩර් මිශ්‍රණය ටිකෙන් ටික ඉහත මිශ්‍රණයට යොදා තරමක් ගන බැටර් එකක් වනතුරුම කලවම් කරගන්න.

නොන්ස්ටික් පෑන් එකක් ලිප තබා එයට බැටර් එකෙන් හැන්දක් දමා ඊට උඩින් කපාගත් ඇපල් කැබලි දමා කුඩා බුබුළු මතුවන විට අනෙක් පැත්ත හරවා පිසගන්න.

සාදාගත් ඇපල් පෑන් කේක් උඩින් පැණි තවරා ආහාරයට ගන්න.

අදහස් දැක්වීම 
සූපවේදී 
මංජුල ද සිල්වා

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් Read Previous

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම්

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Next

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

Realted Post

Leave a comment