ඉතුරු වෙන කෑම විසිකරන්නෙපා හදමු කොත්තු

කොත්තු හුඟක් දෙනෙකුගේ ප‍්‍රියතම කෑමක්. කඩෙන් මිලදී ගන්න කොත්තුවට වඩා වෙනස් රසක කොත්තුවක් හදලා පවුලේ කෑම මේසයට අලූත් අත්දැකීමක් එකතු කරගන්න කැමතිද? විශේෂයෙන් ගෙදර ඉතිරිවෙන බත්, පාන්, රොටී ඉවත නොදා ඒවායින් අපට රසවත් කොත්තුවක් පිළියෙල කරගන්න පුළුවනි. නිවසේදීම පිසගන්න නිසා වැඩිහිටියන්ට වගේම දරුවන්ටත් විශ්වාසයෙන් කෑමට ගන්න පුළුවන් රසවත් කොත්තු ඉක්මනින් හදාගන්න හැටි කියන්නයි මේ සූදානම.

 

පාන් කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 05 ක්

කැරට් ග‍්‍රෑම් 100 ක්

ලීක්ස් ග‍්‍රෑම් 100 ක්

ගෝවා ග‍්‍රෑම් 100 ක්

බිත්තර 3 ක්

ලූනු ගෙඩියක්

කරපිංචා

සුදු ලූනු, ඉඟුරු පේස්ට් මේස හැඳි 1ක්

පිසූ බත් කෝප්ප 1 ක්

ගම්මිරිස් තේ හැදි 1/4 ක්

මිරිස් කුඩු තේ හැඳි 1 ක්

මස්කරි පවුඩර් තේ හැඳි 1 ක්

ලූණු අවශ්‍ය පමණ

තෙල්

 

සාදාගන්නා ආකාරය

පාන් පෙති සියල්ල රෝලින් පින් එකකින් තළා කැබලිවලට කඩාගන්න. භාජනයක් ලිප තබා තෙල් රත් වූ පසු එයට සුදුලූනු පේස්ට්, කරපිංචා දමා තෙම්පරාදු කර එයට මස්කරි පවුඩර්, මිරිස් කුඩු, ලූනු එකතු කර තරමක් බැදගන්න. ඒවා බැදීගෙන එනවිට එයටම කැරට් එකතු කර යන්තම් තැම්බුණු පසු ගෝවා, බිත්තර, එකතු කරන්න. ඉන්පසු හොඳින් කලවම් කර මඳ ගින්දරේ තිබියදී එම මිශ‍්‍රණයට බත් එකතු කරන්න. පසුව මෙය හොඳින් කලවම් කර එයටම මස් කැබලි සහ පාන් එකතු කර නැවතත් හොඳින් කලවම් කරන්න. රස අනුව අවශ්‍ය පමණට ලූණු, ගම්මිරිස්, ලීක්ස් එකතු කර නැවතත් මිශ‍්‍ර කරන්න. එය පිඟානට දමා ඊට උඩින් කිරි ස්වල්පයක් හෝ ගේ‍්‍රට් කරගත් චීස් දමා උණු උණුවෙන්ම පිළිගන්වන්න.

 

 

පොල් රොටී කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය

කොටු කපා ගත් පොල් රොටී පහක් පමණ

සිහින්ව කැපූ කැරට් ග‍්‍රෑම් 100 ක්

සිහින්ව කැපූ ලීක්ස් ග‍්‍රෑම් 100 ක්

සිහින්ව කැපූ ගෝවා ග‍්‍රෑම් 100 ක්

කපා ගත් ලූනු ගෙඩියක්

සුදු ලූනු, ඉඟුරු පේස්ට් මේස හැඳි 1 ක්

බිත්තර 4ක්

අවශ්‍ය පමණ මස් හෝ එළවළු හොදි

කෑලි මිරිස්

ගම්මිරිස්

පොල්තෙල්

සිහින්ව කැපූ අමුමිරිස් කරල් 3 ක්

 

සාදාගන්නා ක‍්‍රමය

භාජනයක් ලිප තබා එයට පිරිසුදු පොල්තෙල් ටිකක් එක්කර රත් වූ පසු එයට සුදු ලූනු මිශ‍්‍ර ඉඟුරු පේස්ට් එක දමා මඳ වේලාවක් රන්වන් පැහැ වනතෙක් බැදගන්න. ඉන්පසු එයට සිහින්ව කැපූ කරපිංචා, ලූනු, අමුමිරිස්, එකතු කර මඳ වේලාවක් නැවත පිසගන්න. දැන් එයට ගෝවා සහ කැරට් එකතුකර හොඳින් කලවම් කරන්න. විනාඩි දෙක තුනකින් පසු එයට බිත්තර එකතු කර හොඳින් කැබලි කරගන්න. පසුව එයට කෑලිමිරිස්, ගම්මිරිස්, ලූනු හා කපාගත් රොටී එකතු කර මඳ වේලාවක් කලවම් කරන්න. ඉන්පසු එයට මස් හෝ එළවළු හොදි එක්කර නැවතත් හොඳින් මිශ‍්‍රකර ගන්න. අවසානයට කපාගත් ලික්ස් සහ රස අනුව ලූණු එකතු කර මේසයට පිළිගන්වන්න.

පොඩිත්තන්ගේ කෑම වේලටත් වෙනසක් වගේම පෝෂණීය බව වැඩිකර ගැනීමට පොල් රොටී සඳහා කුරක්කන් පිටි හෝ ගුණදායක පිටි වර්ගයක් භාවිතා කළ හැකිය.

සටහන - නයනා උදයංගනී

ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කෙරේ Read Previous

ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කෙරේ

දඟදාලා වැඩ දාන්න කැමති ඔයාට හරියන Hairstyle එක Read Next

දඟදාලා වැඩ දාන්න කැමති ඔයාට හරියන Hairstyle එක

Realted Post

Leave a comment