උදේ ආහාරයට කුඩා දරුවන්ට ස්වීට් ක්‍රේප්ස් හදලා දෙමුද?

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි ග්‍රෑම් 200 ක්
  • වතුර අඩු කෝප්ප 112 ක්
  • ලුණු කුඩු තේ හැඳි 1ක්
  • බටර් මේස හැඳි 3 ක්
  • සීනි මේස හැඳි 56 ක්
  • කෙසෙල් ගෙඩි 2 ක්
  • අන්නාසි කැබලි ග්‍රැම් 100 ක්

සාදාගන්නා ආකාරය

ප්‍රථමයෙන් බැටර් එක සාදාගන්න. එයට පාන් පිටි වතුර ලුණු කුඩු එකතු කර බ්ලෙන්ඩර් එකකින් හොඳින් කවලම් කරන්න. දැන් එම බැටර් එක කෝප්පයකට දමාගෙන නොඇලෙන පෑන් එකකින් තුනී රොටි ආකාරයට රවුමට සාදාගන්න. දැන් පිරවුම සඳහා දිගැටි හැඩයට කපාගත් කෙසෙල්, අන්නාසි ටික ගෙන එය මදගින්නේ රත් වුණු භාජනයකට බටර් ටික දමා

හොඳින් කවලම් කරන්න දැන් එයාට සීනි එකතු කර කවලම් කරන්න. දැන් එම මිශ්‍රණය ගෙන අපි සකසා ගත් රොටියේ මැදට තබා රෝල් කරගන්න. හැකිනම් චොක්ලට් සෝස් ටිකක් සහ කුරුඳු කුඩු ටිකක් එකතු කරගන්න . මෙය උදෑසන ආහාරයට සුදුසු ආහාරයකි.


අදහස් දැක්වීම සූපවේදී භානු මිගාර


සටහන - ඉශංකා ජයසූරිය

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය Read Previous

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය

රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව Read Next

රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව

Realted Post

Leave a comment