ක්‍රිස්මස් පුඩිම

 

අවශ්‍ය ද්‍රව්‍ය

රේසින්ස් ග්‍රෑම් 85 ක්
වියළි මිදි ග්‍රෑම් 85ක්
චෙරි ග්‍රෑම් 100 ක්
රතු සීනි මේස හැඳි 4 ක්
වැනිලා අයිස්ක්‍රීම් ලීටර් 1 ක්
කුරුඳු කුඩු තේ හැඳි 1/2 ක්
ඉඟුරු තේ හැඳි 1/4 ක්
සාදික්කා  කුඩු  තේ හැඳි 1/2 ක්
ලෙමන් පොතු තේ හැඳි 1/2 ක්
දොඩම් පොතු තේ හැඳි 1/2 ක්


සාදන ක්‍රමය


අවන් හෝ  මයික්‍රෝවේව් උදුනක දැමිය හැකි  බඳුනකට වියළි පලතුරු,  සීනි සහ බ්‍රැන්ඩි දමා  විනාඩි 3ක් පමණ රත් කරන්න.  පසුව එය ඉවතට ගෙන නිවෙන්නට තබන්න. වෙනම බඳුනකට අයිස්ක්‍රීම් හැන්දක් දමා එයට කුරුඳු, ඉඟුරු, සාදික්කා දමා හොඳින් කලවම් කර කලින් සාදාගත් පලතුරු මිශ්‍රණය  ඉහත මිශ්‍රණයට කලවම් කර අයිස්ක්‍රීම් සියල්ල එකතු කරන්න. දැන් ලොකු පුඩිං බඳුනක් ගෙන ක්ලීනින් රැප් එකකින් ආවරණය කර අයිස්ක්‍රීම් මිශ්‍රණය දමන්න. පසුව රැයක් අධි ශීතකරණයේ තබන්න. වෙනත් බඳුනක් ගෙන එයට කෝන්ෆ්ලවර්, කොකෝ පවුඩර්, අයිස් වතුර එකතු කරන්න.එයට උණුවතුර. සීනි, බටර්, වැනිලා දමා මිශ්‍ර කරන්න.  අඩු ගින්දරේ ලිප තබා මිශ්‍රණය සාමාන්‍ය උකුවන තුරු රත්කර  ලිපෙන් ඉවතට ගෙන  ශීතකරගන්න. ශීතකරණයේ දමා ඇති අයිස්ක්‍රීම් බඳුන පිටතට ගෙන ස්වල්ප වේලාවක් තබා පැතලි පිඟානක් තබා අනෙක් පැත්ත හරවන්න. ඉන්පසුව සාදාගත් චොක්ලට් සෝස් උඩට වත් කරන්න.


චොක්ලට් සෝස්


අවශ්‍ය ද්‍රව්‍ය


කෝන්ෆ්ලවර් මේස හැඳි 2 ක්
කොකෝකුඩු කෝප්ප 1/4 ක්
අයිස් වතුර මේස හැඳි 2 ක්
උණුවතුර කෝප්ප 1ක්
සීනි කෝප්ප 1/4 ක්
බටර් ග්‍රෑම් 25 ක්
වැනිලා තේ හැඳි 1 ක් 


සාදන ක්‍රමය


මේ සියල්ල බඳුනකට දමා උකුවන තුරු උණු කරන්න. 

 

මිථුන Read Previous

මිථුන

මකර Read Next

මකර

Realted Post

Leave a comment