කැරට් අච්චාරු හදන ලේසිම ක්‍රමය

කැරට් අච්චාරුව 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කැරට් ග්‍රෑම් 500 ක්

  • රතුලුනු ග්‍රෑම් 200 ක්

  • ඉඟුරු කැබැල්ලක් 

  • අමුමිරිස් ග්‍රෑම් 100 ක්  

  • සුදුලූනු බික් කිහිපයක් 

  • අබ මේස හැඳි1 ක් 

  • ගම්මිරිස් ස්වල්පයක් 

  • විනාකිරි බොතල්  1/4 ක් 

  • ලුණු

  • කහ


සාදාගන්නා ආකාරය

කැරට් සෝදා ඝණකමින් යුතු තීරු ලෙස කපාගන්න. ලුණු කුඩු ස්වල්පයක් එකතුකර කැරට්වල පැහැය වෙනස් නොවන සේ විනාඩියක් පමණ හුමාලයෙන් රත්කර ගන්න. අබ සහ ගම්මිරිස් වෙන වෙනම විනාකිරෙන් අඹරා ගන්න. පසුව මැටි හට්ටියක් ගෙන ලිප තබා එයට විනාකිරි මේස හැඳි පහක් පමණ දමන්න. රත්වන විට ඉඟුරු, සුදුලුනු එකතු කරන්න. ඒ සමගම රතුලූනු සහ දෙකට පලාගත්  අමුමිරිස් කරල් එක්කරගන්න. පැහැය වෙනස්වීමට කලින් විනාඩියක් ඇතුළත ලිපෙන් ඉවත්කරගන්න.

දැන් පිරිසුදු මැටි ඇතිළියක් ගෙන එයට කැපූ කැරට් කැබලි දමාගන්න. ඉන්පසුව එයට කලින් පිසගත් විනාකිරි මිශ්‍රණය එකතුකරගන්න. දැන් විනාකිරෙන් ඇඹරූ අබ සහ ගම්මිරිස් ද එකතු කර හොඳින් අතින් කලවම් කරුගන්න. කලවම් කරන ගමන් විනාකිරි පදම අඩුබව දැනෙන්නේ නම් නැවත විනාකිරි ස්වල්පයක් එක්කරගන්න. රස අනුව ලුණුද එකතුකර කෙසෙල් කොළයකින් මුට්ටියේ කට හොඳින් වසා දින දෙකකට පසුව කෑමට එකතු කරගන්න. මෙම අච්චාරුවෙන් රස පමණක් නොව කෑම මේසයට  පැහැයක්ද ලබාගත හැකි වේ.

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Previous

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා Read Next

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා

Realted Post

Leave a comment