කුස්සියේ වැඩ පහසු කරන ක්‍රම ගොඩක්

  • අල බැඳුමක් සාදන විට ඉඟුරු ,සුදුලූණු සමග එනසාල් ඇට දෙක තුනක් ද අඹරා තෙලට දමා රන්වන් පාට වන තෙක් බැදගන්න හැර අල මිශ්‍ර කරන්න. ප්‍රණීත රසයක් එක් කරයි. 

  • වට්ටක්කා ,කැකිරි, පිපිඤ්ඤා වැනි එළවළු කිරට පිසින විට පොල්, සූදුරු, සුදුලූණු, අබ සමග ගම්මිරි ඇට කිහිපයක්ද අඹරා දැමීමෙන් රසය වැඩිවේ.

 

  • උණු වතුරට දෙහි මිශ්‍ර කරන විට දෙහිවල ඇති විටමින් "සී"  විනාශ වන බැවින් දෙහි පානයක් ලෙස සකස් කරන විට උණු කර නිවාගත් වතුර පාවිච්චි කරන්න. 

 

  • පොළොස් ඇඹුල් පිසීමේදී පොලොස් කැබලි සෝදන වතුරට කහ ස්වල්පයක් දියකරන්න. පොළොස් ඇඹුල හොඳ පැහැයක් ගනියි. 

 

  • මුං ඇට ,කඩල ,පරිප්පු වැනි ධාන්‍ය වර්ග වල ගුල්ලන් බෝවීම වැළැක්වීමට ඒවා අසුරන භාජනවලට කොහොඹ කොළ දමන්න.

 

  • මුඩු වූ පොල්තෙල් හෝ දුන් තෙල් වලට බත් ඇට කිහිපයක් දමා රත් කර ගැනීමෙන් මුඩු ගතිය ඉවත්වෙයි.

 

  • මාලු මිරිස් කිරට පිසින විට සූදුරු ටිකක් අඹරා දැමීමෙන් රසය වැඩිවේ. 

 

  • කරවිල මාළුවට උළුහාල් යෙදීම අවශ්‍ය නැත. එහෙත් බටු, මෑ වැනි වාතයේ සහ සෙම වඩවන එළවළු පිසින විට උළු හාල් අනිවාර්යෙන්ම එක් කරන්න. 

 

  •  දොඩම් ගෙඩියක් විනාඩි පහක් පමණ උණු වතුරේ ගිල්ලා තැබීමෙන් පහසුවෙන් ලෙලි ගසා පින් ගලවා ගත හැක. 

 

  •  බත් මුට්ටියේ පැත්තක් ඉදී ඇත්නම් කෙසෙල් කොළයකින් වසා ටික වෙලාවක් ලිප තබන්න. නැතිනම් වියළි මිරිස් කරල් කිහිපයක් බත්වල ගසා ටික වෙලාවක් තබන්න. 

 

  • බිත්තර සුදු මදය ගසා ගැනීමේදී තෙල් හෝ වතුර මිශ්‍ර වුවහොත් එය කොතෙක් වෙලා ගසා ගත්තත් පෙන එමසිදු නොවේ. එම නිසා බිත්තර තම්බන වතුරට විනාකිරි බින්දු දෙක තුනක් එක් කරන්න. 

 

  •  ඇලුමිනියම් භාජන වල බිත්තර තම්බන විට කළු පැහැ ගැනීමක් සිදුවේ. ඒ නිසා බිත්තර තම්බන වතුරට විනා කිරි බිංදු දෙක තුනක් එක් කරන්න

 

සටහන - මහේශානි මීගහපොළ. 

ඉදිරිපත් කිරීම - ප්‍රවීණ සූපවේදිනී. 
දිලුක්ෂි කුමාරසිරි.

පූජනීය නගරයේ වැටලූ ගජමුතු ජාවාරම Read Previous

පූජනීය නගරයේ වැටලූ ගජමුතු ජාවාරම

උඩරට දුම්රිය ධාවනය ගැන සුබ ආරංචියක් Read Next

උඩරට දුම්රිය ධාවනය ගැන සුබ ආරංචියක්

Realted Post

Leave a comment