ගස්ලබු අච්චාරු හදමුද?

අලුත් අවුරුදු ලබන විට සෑම නිවෙසකම පාහේ අච්චාරු මුට්ටියක් වරදින්නේ නැහැ. මේ තියෙන්නෙ අපේ රටේ කවුරුත් ආහාරයට කැමති අච්චාරු වර්ගයක් 


අවශ්‍ය ද්‍රව්‍ය

  • ගස්ලබු ගැටයක්

  • විනාකිරි බෝතල්  1/4 ක් 

  • අබ ස්වල්පයක්

  • ගම්මිරිස් කුඩු තේ හැඳි 2 ක් 

  • රතුලූනු 10 – 15 ක් 

  • අමුමිරිස් කරල්කිහිපයක් 

  • සුදුලූනු බික් කිහිපයක්

  • ඉඟුරු මුරුංගා පොතු කැබැල්ලක්

  • ලුණු


සාදන ආකාරය


ගස්ලබු ගෙඩියේ පොතු සහ ඇට ඉවත් කර, කොටස් හතරකට වෙන්කරගන්න. ඉන්පසු එක් කොටස බැඟින් ගෙන අඟලක ප්‍රමාණයේ ගණකමින් යුතුව දිගැති හැඩයට කපාපාගන්න. කිරි ගතිය ඉවත් කරගැනීම සඳහා ඇල්වතුරෙන් සෝදන්න. ඉන්පසුව කැපූ ගස්ලබු පෙති හුමාලයෙන් තම්බාගත යුතු වේ. එ සඳහා ස්ටීමරයක් භාවිත කර වතුර හොඳින් උතුරන විට හුමාලයෙන් විනාඩියක් පමණ ගස්ලබු තම්බා ගන්න. තව්මැරෙන ආකාරයට පමණී. 

හයිය ගතිය තිබිය යුතු අතර වැඩිවේලාවක් හුමාලයේ තැබීමෙන් වළකින්න. පසුව එය ඉවත් කර වතුර හිඳෙන්නට පැත්තකින් තබන්න. ඉන්පසු අබ සහ ගම්මිරිස් වෙන වෙනම විනාකිරෙන් අඹරාගන්න. කිසිදු අයුරකින් වතුර එකතු කිරීමෙන් වළකින්න. වතුර මිශ්‍ර වුවහොත් කල්තබාගත නොහැකි වේ. පසුව මැටි හට්ටියක් ගෙන ලිප තබා එයට විකාකිරි මේස හැඳි හයක් පමණ දමන්න. රත්වන විට ඉඟුරු, සුදුලුනු එකතු කරන්න. ඒ සමගම රතුලූනු සහ දෙකට පළාගත් අමුමිරිස් කරල් සහ මුරුංගා පොතු කැබැල්ල එක්කරගන්න. පැහැය වෙනස් වන්නට කලින් (විනාඩියක් ඇතුළත) ලිපෙන් ඉවත් කරගන්න.
පිරිසුදු මැටි ඇතිළියක් ගෙන එයට ගස්ලබු කැබලි දමාගන්න. ඉන්පසු එයට කලින් පිසගත් විනාකිරි මිශ්‍රණය එකතු කරගන්න. පසුව විනාකිරෙන් ඇඹරූ අබ සහ ගම්මිරිස් ද එකතු කර හොඳින් අතින් කලවම් කරගන්න. කලවම් කරන ගමන් නැවත විනාකිරි ටිකෙන් ටික අතේ පදමට එකතුකරගෙන රස අනුව ලුණුද එකතුකර කෙසෙල් කොළයකින් මුට්ටියේ කට හොඳින් වසා දින දෙකකට පසුව කෑමට ගන්න. 

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර Read Previous

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර

රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව Read Next

රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව

Realted Post

Leave a comment