දවස් 7ම, 24පැයේම බඩ ඉල්ලන රසයට Blooming Breakfast

Blooming Breakfastහි රෙස්ටෝ බාර් සහ කැෆේ මේ මස සිට ඔන්න කොළඹ නිදහස් චතුරශ්‍ර ආකේඩ් පරිශ්‍රයේදී සිය ආරම්භය සනිහිටුහන් කරලා. ඉතිං රෑ එළිවෙනකල් හරි ඉදලා කාලා බීලා නිදහසේ ආදරණියව ඔබේ දවස ගෙවන්න හොදම තැනක් මේක.

අපෝ එහෙනම් අස්ප ගණන් ඇති ? මේක තමයි ඔබට ඊළඟට එන ලොකුම ප්‍රශ්නේ.  
එහෙම හිතලා නොයා ඉන්නනම් එපා. සාධාරණ මිල ගණන් යටතේ ලොකු පොඩි කාගේත් පොකට් එකට සරිලන විදියට මෙතනින් රසට කන්න පුලුවන්. 
රස වගේමයි ගුණත්. සේරම එක්ක ප්‍රමිතියත් ඉතාම ඉහළයි. ප්‍රතිමිතියෙන් යුතු මනා පුහුණුව ලද Blooming Breakfast සුපවේදීන් ඔබ හිතනවට වඩා රසට ඔයාගේ ඩිෂ් එක ඔබට පිළිගන්නවා ඇති. 

උදේට උදේ කෑම, දවල්ට Lunch, රෑට හැමදාම කනවා වගේ සාමාන්‍ය රෑ කෑමක්. අපි හැමදාම යන තැන් වල අපි දකින කෑම එක්ක අපිට ඔන්න ඔහොමයි හිතන්නේ. මෙතනත් එහෙමද ? ඉතින් මෙතනත් එහෙමද බලන්න ඔයා යන්නම ඕන. ගියොත් ඔයාට දැක ගන්න පුළුවන් වේවි විවිධ කෑම ඔයාගේ අතේ තියෙන ගානට ඕනෑම වෙලාවක ගන්න පුළුවන් කියලා.
ඔයා ෆුඩ් ගැන සොයන්නෙක් නම් ඔයාටත් මේක කියාපුම තැනක්. ලෝකයේ විවධ කෑම කන්න පුළුවන් දැන් ආකේඩ්හි සම්පත් බැංකු ATM එක ඉදිරිපස තියෙන Blooming Breakfast එකෙන්. ඇමරිකානු කෑම, ඉතාලි, ප්‍රංශ, ඕස්ට්‍රේලියානු ඕනෑම ප්‍රියතම කෑම එන්න ගන්න මෙතනට. 

ඉතිං නිවාඩුවේ ඉන්න වෙලාවටත්, ස්ට්‍රෙස් වෙලා පිස්සුවෙන් වගේ ඉන්න වෙලාවටත් ඔයාගේ මූඩ් එක ෆික්ස් කරන්න හොඳම තැනක් Blooming Breakfast. මෙනුවල විස්තර සහිතව වැඩිදුර විස්තර දැනගන්න www.bloomingbreakfast.com වෙත පිවිසෙන්න.

  • ජායාරූප  සමීර විජේසිංහ

දියමන්ති 223කින් සැරසූ Christmas කේක්. මිල අධික ආහාර, සුඛෝපභෝගී අත්දැකීමක් Read Previous

දියමන්ති 223කින් සැරසූ Christmas කේක්. මිල අධික ආහාර, සුඛෝපභෝගී අත්දැකීමක්

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion Read Next

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion

Realted Post

Leave a comment