දෙල්වලින් කැරමල් පුඩින් එකක් හදමුද?

දෙල් කැරමල් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩාවට කපා ගත් දෙල් කෝප්ප 2 ක්
  • බිත්තර 4 ක්
  • වැනිලා තේ හැඳි 2 ක්
  • රස අනුව ලුණු
  • සීනි මේස හැඳි 4 ක් (කැරමල් සීනි සාදා ගැනීම සඳහා).
  • සීනි අඩු කෝප්ප 1 ක්
  • තෙල් කඩදාසියක්

සාදන අයුරු

  • දෙල්වලට වතුර භාගයක් එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කරගෙන පෙරාගන්න. 
  • එම දෙල් මිශ්‍රණයට සීනි, ලුණු දමා හොඳින් ගසා ගත් බිත්තර, වැනිලා එකතු කර කලවම් කරගන්න. 
  • සීනි මේස හැඳි 4 කැරමල් කරගන්න. කැරමල් කරගන්නා ලද සීනි ටික අලුත් වීදුරු භාජනයකට දමා එයට දෙල් මිශ්‍රණය දමා බඳුනේ කට තෙල් කඩදාසියකින් ආවරණය කරගන්න. 
  • මෙය මිනිත්තු 30 ක පමණ කාලයක් හුමාලයෙන් තම්බා ගන්න. මෙය නිවුණු පසු ශීත කරණයේ තබන්න.

සටහන - මහේෂානි මීගහපොල

උපදෙස් - ගෘහ විද්‍යා ආචාරිනී, ප්‍රවීණ සූපවේදිනී දිලුක්ෂි කුමාරසිරි 

 

රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව Read Previous

රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව

උඩරට දුම්රිය ධාවනය ගැන සුබ ආරංචියක් Read Next

උඩරට දුම්රිය ධාවනය ගැන සුබ ආරංචියක්

Realted Post

Leave a comment