ප්‍රෝන් එග් සුප්

ප්‍රෝන් එග් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ශුද්ධ කරගත් ඉස්සන් ග්‍රෑම් 250ක්
  • බිත්තර 2 ක්
  • ලූනු කොළ කිහිපයක්
  • ඉඟුරු කැබැල්ලක්
  • සුදුලූනු ගෙඩි 2 - 3 ක්
  • බිලූනු ගෙඩියක්
  • වතුර අඬු කෝප්ප 6ක්
  • කෝන්පිටි තේ හැඳි 1ක්
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්

සාදාගන්නා ආකාරය

ඉස්සන් කුඩාවට කපාගන්න. පසුව ලූනු කොළ ඉඟුරු, සුදුලූනු, බීලූනු සිහින්ව කපාගන්න. ඉන්පසු සුදුසු භාජනයකට වතුර දමා එයට ඉඟුරු, සුදුලූනු, ලුණු දමා උතුරුවා ගන්න. පසුව එයට කපාගත් ඉස්සන් එකතුකර උතුරවා ගන්න. එයට දිය කරගත් කෝන් පිටි දමා කලවම් කර පසුව ගසා ගත් බිත්තරය සහ ලූනු කොළ දමා හොඳින් කවලම් කරගන්න.

විධායක සූපවේදී -  සුජිත් ආරියරත්න 

ඉෂංකා ජයසූරිය

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න Read Previous

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය Read Next

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය

Realted Post

Leave a comment