අයිස් ක‍්‍රීම් ළමයි වගේම වැඩිහිටියන්ගෙත් ප‍්‍රියතම කෑමක්. එහෙත් වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සම්පන්නබවට නම් අයිස්ක‍්‍රීම් කියන්නේ යහපත් කෑමක් නොවෙයි. ඒ නිසා ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් පොඞ්ඩන්ට රසම රස කෘත‍්‍රිම රසකාරක නැති අයිස්ක‍්‍රීම් සහ වැඩිහිටියන්ටත් රස ගුණ පිරි සුප් එකක් හදලා දෙමුද?
Avocado Ice Cream
අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් ඉදුණු පෘෂ්ඨිමත් අලිපේර
ගෙඩි දෙකක්
කිතුල් පැණි මේස හැඳි 8ක්
වතුර මේස හැඳි 8ක්
කිරිපිටි තේ හැඳි 2ක්
සාදන ක‍්‍රමය
අලිගැට පේර ගෙඩි දෙක කුඩා කැබලිවලට කොටු කපාගන්න. ඉන්පසු එය ඔයිල් පේපරයකින් වසා අධිශීතකරණයේ තබන්න. හොඳින් ගන වූ පසුව ඉවතට ගෙන එයට පැණි, කිරිපිටි සහ ජලය එකතු කර ක‍්‍රීම් ගතියට එනතෙක් බ්ලෙන්ඞ් කරන්න. මිශ‍්‍රණය එය භාජනයකට දමා ඔයිල් පේපරයකින් වසා නැවතත් පැය පහක් පමණ අධිශීතකරණයේ තබන්න.
Mango Ice Cream
අවශ්‍ය ද්‍රව්‍ය
කුඩාවට කපාගත් අඹ ග‍්‍රෑම් 300ක්
පැණි ස්වල්පයක්
උකු පොල්කිරි අඬුකෝප්ප 1ක්
පොඩි දෙහි ගෙඩියක යුෂ
සාදාගන්නා ආකාරය
කුඩාවට කපාගත් අඹ ටික ගනවන තෙක් පැය කිහිපයක් අධිශීතකරණයේ තබන්න. පසුව එය ඉවතට ගෙන පැණි, පොල්කිරි, සහ දෙහි යුෂ දමා හොඳින් කලවම් කර බ්ලෙන්ඞ් කරන්න. ඉන්පසු භාජනයකට දමා ඔයිල් පේපරයකින් වසා නැවතත් අධිශීතකරණයේ තබන්න. පැය එක හමාරකට පසුව ශීතකරණයෙන් ඉවතට ගෙන අඹ අයිස්ක‍්‍රීම් රස බලන්න.
Vegetable Oats Soup
අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසුදු පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැඳි 2ක්
චොප් කරගත් සුදුලූනු බික් 2 ක්
චොප් කරගත් ඉඟුරු කැබැල්ලක්
ගම්මිරිස් ඇට කිහිපයක්
කුඩාවට කොටු කපාගත් කැරට් අල 2 ක්
කුඩාවට කැපූ බෝංචි කරල් කිහිපයක්
කොටු කැපූ බෙල්පෙපර් ගෙඩියක්
ගලවා ගත් ඉරිඟු ඇට කෝප්ප භාගයක්
ඕට්ස් කප් 1 ක්
සාදාගන්නා ආකාරය
භාජනයක් ලිප මත තබා එයට පොල්තෙල් හෝ ඔලිව් තෙල් මේස හැඳි දෙකක් එකතු කරන්න. තෙල් රත්වන විට එයට චොප් කරගත් ඉඟුරු, සුදුලූනු එකතුකර රන්වන් පැහැවන තෙක් බැදගන්න. එයට ගම්මිරිස් ඇට කිහිපයක්, කපාගත්, කැරට්, බෝංචි සහ බෙල්පෙපර්, ඉරිඟු එකතුකර විනාඩි අටක් පමණ මඳගින්නේ කලවම් කරන්න. දැන් ඕට්ස් කප් එකද එයට එකතු කර හොඳින් කලවම් කර සුප් එකට අවශ්‍ය පමණ වතුර එකතු කරන්න. රස අනුව ලූණු ද එකතු කර පියනකින් වසා උකුවන තෙක් පිසගන්න. විනාඩි දෙකෙන් දෙකට පියන ඇර නැවතත් කලවම් කරමින් පිසගෙන උණු උණුවෙන්ම පිළිගන්වන්න.
සටහන - නයනා උදයංගනී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.