පොළොස් අච්චාරුවක් හදමු.....

පොළොස් අච්චාරුවක් හදමු..... 


අවශ්‍ය ද්‍රව්‍ය

  • මදුලු නැති මධ්‍ය ප්‍රමාණයේ කොස් ගැටයක්

  • අබ මේස හැඳි 1 ක්

  • ගම්මිරිස් තේ හැඳි 1 ක්

  • විනාකිරි බෝතල් 1/4 ක්

  • ඉඟුරු කැබැල්ලක්

  • රතුලුනු  10 – 15 ත්

  • අමුමිරිස් කරල් කිහිපයක්

  • ලුණු

  • කහ


සාදාගන්නා අකාරය

 


කොස් ගැටයේ පොත්ත ඉවත් කර  හතරට කපා අගලක ප්‍රමාණයේ ගණකමින් පෙති කපා ඒවා නැවත තීරු ලෙස කපාගන්න. කහට ගතිය ඉවත් වීම සඳහා කහ සහ ලුණු ස්වල්පයක් අතගාගන්න. ඉන්පසුව කැපූ කොස්ගැට කැබලි උතුරන වතුරේ විනාඩියක පමණ කාලයක් හුමාලයෙන් තම්බාගෙන එය පැත්තකින් තබාගන්න.


අබ විනාකිරෙන් කෑලි ඉතිරිවන සේ තළාගන්න. ගම්මිරිස් වෙනම විනාකිරෙන් හොඳින් අඹරා ගන්න. පසුව මැටි ඇතිළියක් ලිප තබා එයට විනාකිරි මේසහැඳි පහක් පමණ දමා රත්කරගන්න. එය රත්වන විට එයට ඉඟුරු, සුදුලූනු එකතු කරන්න. ඒ සමගම රතුලුනු සහ දෙකට පළාගත් අමුමිරිස් කරල් එක්කරගන්න. පැහැය වෙනස් වන්නට කලින් විනාඩියක් ඇතුළත ලිපෙන් ඉවත් කරගන්න.


තවත් මැටි ඇතිළියක් ගෙන එයට කැපූ කොස්ගැට කැබලි දමා, අබ සහ ගම්මිරිස් මිශ්‍රණය එකතුකර වතුර මිශ්‍ර නොවන සේ අතින් කලවම් කරගන්න. එයටම කලින් සැකසූ විනාකිරි මිශ්‍රණයද යොදාගෙන මදිනම් තවත් විනාකිරි ස්වල්පයක් ටිකෙන් ටික එක්කර ගනිමින් කලවම් කරගන්න. එයටම රස අනුව ලුණු සහ කහ කුඩු ස්වල්පයක් එකතු කරගෙන කෙසෙල් කොළයකින් මුට්ටියේ කට හොඳින් වැසෙන සේ ගැටගසා දින දෙකකට පසුව කෑමට එකතු කරගන්න.

‎කලා චිකිත්සක වැඩමුලුව 2026 Read Previous

‎කලා චිකිත්සක වැඩමුලුව 2026

එයා රියලිටි තරඟය ගැන දැක්ක විදිහ Read Next

එයා රියලිටි තරඟය ගැන දැක්ක විදිහ

Realted Post

Leave a comment