මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක්

මාලදිවයිනේ ප්‍රසිද්ධ කෑමක් වන නාසි ලෙමක් ගෙදර හදමු. 

නාසි ලෙමක්, කිරි බතට අවශ්‍ය ද්‍රව්‍ය.

  • පොල් කිරි. 
  • හාල්. 
  • රස අනුව ලුණු. 

මුලින්ම කිරිබත සාදාගන්න. 

  • පේස්ට් එකට අවශ්‍ය ද්‍රව්‍ය. 
  • බි ලුනූ ගෙඩි දෙක , තුනක්. 
  • සුදුලූනු භික් තුන, හතරක්.
  • කූණිස්සෝ ග්‍රෑම් පනහක්.
  • නයි මිරිස් කරල් දෙකක්.
  • ඉඟුරු කැබැල්ලක්. 
  • වේළුණු දෙහි කොළ දෙකක්. 
  • සියඹලා යුෂ ස්වල්පයක්. 
  • කහ කුඩු ස්වල්පයක්. 
  • රස අනුව ලුණු. 
  • තෙල් ස්වල්පයක්. 

පේස්ට් එක සාදන අයුරු .

තෙල් හැර සියලු අම ද්‍රව්‍ය හොඳින්ම බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසු තාච්චියකට තෙල් එකතු කර ලිප තබා පේස්ට් එක දමා කළවම් කරන්න. 

සරසා ගැනීම. 
කිරිබත උඩින් පේස්ට් එක දමා ඔබට මේ පිළිගැන්වීමේදී තම්බාගත් බිත්තරයක්, බැදගත් රට කජු ස්වල්පයක්, පිපිඤ්ඤ පෙති ,කජු ස්වල්පයක් දමා සරසා ගන්න පුළුවන්. 

සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ප්‍රවීණ සූපවේදිනී. ජීවනී විජේසේකර.

අක්කර 27ක් පුරා දිවෙන සොඳුරු පාරාදීසය Read Previous

අක්කර 27ක් පුරා දිවෙන සොඳුරු පාරාදීසය

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Next

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

Realted Post

Leave a comment