රසම රස පපායා ක්‍රීම් සුප්

රසම රස  පපායා ක්‍රීම් සුප් එකක් රස බලමුද? මේ රසවත් කෑම එක හදාගන්න හරිම ලේසියි. හරිම රසයි. ඒ වගේම හරිම ගුණදායකයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැබලි කරගත් පැසුණු ගස්ලබු ග්‍රෑම් 100 ක් 
  • කුඩාවට කැපූ සුදුලූණු ග්‍රෑම් 10 ක්
  • කුඩාවට කැපූ ලූණු ග්‍රෑම් 15 ක්
  • කැබලි කරගත් ගස්ලබු ග්‍රෑම් 10 ක්
  • බටර් මේස හැඳි 01 ක්
  • පාන් පිටි තේ හැඳි 01 ක්
  • නැවුම් කිරි අඩුකෝප්ප 1/2 ක්
  • කුඩාවට කැපූ පාස්ලි ග්‍රෑම් 10 ක්
  • වෙජිටබල් ස්ටොක් අඩු කෝප්ප 01 ක්

සාදන අයුරු

  • ගස්ලබු, වෙජිටබල් ස්ටොක් දමා හොඳින් බ්ලෙන්ඩර් කරන්න. භාජනයක් ලිප තබා පාන් පිටි, බටර්, කිරි එකතු කර වයිට් සෝස් එකක් ලෙස සාදා ගන්න.
  • නැවත අලුත් භාජනයක් ලිප තබා බටර් ස්වල්පයක් එකතු කර රත් වූ පසු සුදුලූණු එකතුකර යාන්තමට තෙම්පරාදු කරගන්න.
  • පෙර බ්ලෙන්ඩර් කරගත් ගස්ලබු මිශ්‍රණය සහ වයිට් සෝස් මිශ්‍රණය එකතුකර රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කර සුප් එක සාදා ගන්න. 
  • ඉන් පසුව ලිපියෙන් ඉවත්කර පාස්ලි එකතු කරන්න. 

ඔබ වයිට්  සෝස් එකතු නොකරනවානම් Cooking ක්‍රීම් වර්ගයක් එකතු කර ගැනීමට පුළුවනි.

 

සටහන: මහේෂානි මීගහපොල.

උපදෙස්: දේශීය ආහාර සහ කේක් නිර්මාණ ශිල්පිණි, සූපවේදනී,ජෙනෙව්රා දාබරේ.

 

 

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක් Read Next

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක්

Realted Post

Leave a comment