රසම රස රෙඩ් වෙල්වට් කේක් හදමු

මේ  මංගල මාස කාලයයි. . ඔබේ මංගල්‍යයත් ළඟ එනවා නේද?. මංගල්‍යයත් සමඟ එකට බැඳී යන රසවත් කෑම අතිරේකයක් තමා කේක් වර්ග කියන්නේ. මඟුල් ගෙදරට එන හිතවතුන් වෙනුවෙන් රසවත් කේක් වර්ග කිහිපයකින් සංග්‍රහ කරන්න හිතාගෙන ඉන්නක් ඔබට පුංචි අදහසක් තමයි මේ කරන්න හදන්නේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • පාන් පිටි ( තුන්වරක් කලා ගත්) ග්‍රෑම් 250
  • ඇස්ට්‍ර ග්‍රෑම් 250
  • හොඳින් පුරවා ගත් කොකෝවා පවුඩර් මේස හැඳි දෙකක් (තුන් වරක් හලාගන්න) 
  • සීනි ග්‍රෑම් 250
  • බිත්තර පහක්
  • බටර් කිරි කෝප්ප භාගයක්
  • රතු පැහැති කලරින් මේස හැන්දක්
  • වැනිලා තේ හැන්දක් 
  • බේකින් පව්ඩර් තේ හැඳි දෙකක් 
  • බේකින් සෝඩා තේ හැඳි කාලක් (තුන්වරක් හලාගත්)
  • යෝගට් කෝප්පයක්

 

සාදන අයුරු 

බටර්, සීනි  බීට් කරන්න. බිත්තර එකින් එක දමා නැවත බීට් කරමින් යෝගට්  එකතු කර බීට් කරන්න. පිටි බටර් මිල්ක් මාරුවෙන් මාරුවට එකතු කර පැත්තකින් මිශ්‍ර කරන්න. රතු පැහැති වර්ණ එකතු කර සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 30ක් බේක් කරගන්න.


සටහන
මහේෂානි මීගහපොල


උපදෙස් 
ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනි
ජීවනී විජේසේකර

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න. Read Previous

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න.

කොළඹ සෘජු ගුවන් ගමන් සේවාව දියත් කිරීමට ප්‍රථම වියට්ජෙට් (Vietjet) ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස සම්මානයට පාත්‍ර වෙයි. Read Next

කොළඹ සෘජු ගුවන් ගමන් සේවාව දියත් කිරීමට ප්‍රථම වියට්ජෙට් (Vietjet) ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස සම්මානයට පාත්‍ර වෙයි.

Realted Post

Leave a comment