රස ගුණ පිරි පේර බීම

පේර කියන්නේ රසය වගේම ගුණය හොඳින් ලබාගත හැකි පලතුරක්. විටමින් සී, ඒ ,තන්ත, ප්‍රති ඔක්සිකාරක ගුණයෙන්, බහුල සමේ  සහ අක්ෂි සෞඛ්‍ය වර්ධනය කරවන නිරෝගීව හිසකෙස් වර්ධනය කරවන, කොලෙස්ටරෝල් සහ රුධිර සීනි මට්ටම පාලනය කරවන මළබද්ධය වළක්වන  ඉහළ පෝෂණ ගුණයකින් යුතු රසවත් පලතුරක්. 

පේර බීම. අවශ්‍ය ද්‍රව්‍ය.

කුඩාවට කැපු ඉදුණු  පේර ගෙඩි දෙකක්.

සීතල වතුර. 

රස අනුව සීනි. 

රස අනුව ලුණු. 

දෙහි සල්පයක්. 

සාදන අයුරු. 

ටෙන්ඩර් කප් එකට   පේර කැබලි, සීනි ,වතුර ,ලුණු, දෙහි එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. පසුව එය පෙරාගන්න. දැන් රසවත් ප්‍රණීත බීමක් ලෙස භාවිත කළ හැකියි.


සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ප්‍රවීණ සූපවේදනී / දේශමාන්‍ය ජීවනී  විජේසේකර. 

දිස්ත්‍රික්ක 07කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් Read Previous

දිස්ත්‍රික්ක 07කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

බේරුවල  සිසු නිපුණතා තරගවලින් ජයගත්  අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි Read Next

බේරුවල සිසු නිපුණතා තරගවලින් ජයගත් අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි

Realted Post

Leave a comment