රහම රහයි ඇඟට ගුණයි ලග්ගල ගැමි කෑම

චාරිත්‍රවාරිත්‍ර වලින් පිරි අපේ රටේ අලුත් අවුරුදු උත්සවයේ ආහාරවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

පොදුවේ ගත් කල කැවුම්, කොකිස් මෙන්ම කිරිබත් අවුරුදු කෑම මේසයේ දක්නට ලැබෙන කෑම අතර ප්‍රධාන තැනක් ගනී.

එහෙත් වසර පන්දහකට වැඩි ඉතිහාසයක සිට පැවැත එන්නේ යැයි  කියන මාතලේ දිස්‍ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනයා අතර ඇති ආහාර රටාව විස්මයජනකය.

ඊට හේතුව වී ඇත්තේ ලග්ගල ජන ජීවිතය සොබාදහම හා බැඳුණු ආහාර රටාවකට අනුගත වී තිබීමය.
ලංකාවේ අනෙකුත් ප්‍රදේශ අතර පවත්නා විවිධ ආහාර රටා අභිබවා යමින් දේශීය ආහාර සංස්කෘතියකට හිමිකම් කියන ලග්ගල ගැමියා අදටත් නිරෝගීව සිටීමේ රහස ආහාර රටාව බැව් ඔවුහු පසක් කරති.

එබැවින් මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලග්ගල ගැමියාගේ ආහාර රටා පිළිබඳව ඔබට කියන්න ඒ සඳහා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දුෂ්කර ගම්මාන අතරින් කිවුලවාඩිය ගම්මානයට පසුගිය අපි ගොඩවැදුණෙමු.

 

මඩු පිට්ටු

  • අවශ්‍ය ද්‍රව්‍ය

  • මඩු පිටි ග්‍රෑම් 250 ක්

  • අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ජලය

‘‘අපි කැලේට ගිහින් මඩුගස්වලින් ගෙඩි කඩාගෙන ඇවිත් ඒවා කපලා මදය අරන් වේළනවා. පස්සේ තමයි වන්ගෙඩියේ කොටලා පිටි අරගන්නේ. ‍මේ පිටි වතුර කලවම් කරලා පොල්, සීනිත් එකතු කරලා පිට්ටු පදමට අනාගෙන වතුර දමපු මුට්ටියේ රෙදිකඩට දාලා  තම්බාගන්න ඕනෑ. මේ මඩු පිටිවලින් තවත් කෑම ගොඩක් හදන්න පුළුවන් වැලිතලප, රොටි, තලප වගේ කෑමත් මඩු පිටිවලින් හදන්න පුළුවන්. අද කාලේ තියෙන බෝනොවන රෝග ගණනාවකට මඩු පිටි ඉතාමත් ගුණදායකයි.’’

(සංචාරක සටහන නාඋල - ඉන්දික අරුණ කුමාර)

ඇතැම් පානීය ජල බෝතල් වල ජලය පාවිච්චි කිරීම  ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් Read Previous

ඇතැම් පානීය ජල බෝතල් වල ජලය පාවිච්චි කිරීම ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක්

ඇතැම් පානීය ජල බෝතල් වල ජලය පාවිච්චි කිරීම  ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් Read Next

ඇතැම් පානීය ජල බෝතල් වල ජලය පාවිච්චි කිරීම ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක්

Realted Post

Leave a comment