වෙනස් විදිහට ඇඹරැල්ලා තෙම්පරාදුවක්

ඇඹරැල්ලාවලින් ගමේ රසට සුවිශේෂීව සෑදිය හැකි රසවත් ඇඹරැල්ලා තෙම්පරාදු කරිය සදා ගන්නා අයුරුයි මේ 

අවශ්‍ය ද්‍රව්‍ය. 

  • කැබලි වලට කපාගත් ඇඹරැල්ලා ග්‍රෑම් පන්සීයක් .
  • රතු ලූනු ගෙඩි හතරක්. 
  • තලා ගස් සුදුලූනු ස්වල්පයක්. 
  •  පොඩියට කපා ගත් අමු මිරිස් කරල් හතරක්.
  • පොඩියට කපාගත් වියළි මිරිස් කරල් හතරක්.
  • කරපිංචා , රම්පේ. 
  • අබ ඇට ස්වල්පයක්.
  • කහ කුඩු ස්වල්පයක්. 
  • මිරිස් කුඩු හැඳි භාගයක් .
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්. 
  • රස අනුව ලුණු.
  • පොල්තෙල් ස්වල්පයක්. 

සාදන අයුරු. 

තාච්චිට තෙල් දමා  රත්වීගෙන එන විට එයට අබ  එකතුකර අබ පුපුරා ගෙන එන විට එයට කෑලි මිරිස්,  රතුලුනු, සුදුලූනු ,කරපිංචා, අමුමිරිස් ,කහ, මිරිස්, ඇඹරැල්ලා රස අනුව ලුණු , දමා විනාඩි දහයක් පමණ කාලයක් මද ගින්දරේ තෙම්පරාදු කරගන්න. අවසානයට ගම්මිරිස් තමා ලිපෙන් ඉවත් කරගන්න. 

පොල්තෙල් භාවිතයෙන් සාම්ප්‍රදායික සුවඳක් ඇඹරැල්ලා වෑංජනයට එකතු කරවයි. 

සටහන - මහේෂානි මීගහපොල.

උපදෙස් - ප්‍රවීණ සූපවේදිනී. ජීවනී විජේසේකර.

Boutique හෝටල් සමූහයේ කේක් මිශ්‍රණය Read Previous

Boutique හෝටල් සමූහයේ කේක් මිශ්‍රණය

වෙනස් විදිහට ඇඹරැල්ලා තෙම්පරාදුවක් Read Next

වෙනස් විදිහට ඇඹරැල්ලා තෙම්පරාදුවක්

Realted Post

Leave a comment