වැව් මාළු සැමන් සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය

  • වැව් මාළු ග්‍රෑම් 500 ක්
  • ලුණු කුඩු තේ හැඳි 1 ක්
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • කරාබු නැටි 2 ක්
  • තක්කාලි ගෙඩි 1 ක්
  • පොල්තෙල් මේස හැඳි 2 ක්
  • සිහින්ව කපාගත් බීලූනු ගෙඩි 2 ක්
  • අමු මිරිස් කරල් 4 ක්

සාදන ආකාරය

වැව් මාළු හොඳින් සෝදා කැබලි කපා පෙෂර් කුකර් එකකට දමාගන්න. එයට ගම්මිරිස්, කෑලි මිරිස්, කුරුඳු පොතු, පොල්තෙල්, අවශ්‍ය තරමට වතුර දමා ලිප තබන්න එක්වරක් විසිල් එක ඇසුණු පසු ලිප නිවා නිවෙන්න තබන්න අමුමිරිස් තක්කාලි, බිලූනු සිහින්ව කපා සලාදයක් ලෙස සාදාගන්න එයට වැව් මාළු ටික පොඩියට කඩා එකතු කර, රස අනුව ලුණු එකතු කරන්න.


ඉදිරිපත් කිරීම ප්‍රවීණ සූපවේදනී ගෘහ ආර්ථික විද්‍යා ආචාරිනී දිනුක්ෂි කුමාරසිරි 

සටහන - මහේෂානි මීගහපොළ

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය Read Previous

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය Read Next

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය

Realted Post

Leave a comment