ස්ට්‍රෝබෙරි දොඩම් සහ රටඉඳි සලාදය

ස්ට්‍රෝබෙරි දොඩම් සහ රටඉඳි සලාදය කාල බලමුද? 

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඩ්‍රෙසිං සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
  • බටර් මිල්ක් මේස හැඳි 6ක්
  • නැවුම් ලෙමන් යුෂ මේස හැඳි 1ක්
  • සිහින්ව කපාගත් රතුලුනු තේ හැඳි 2ක්
  • කුඩා කැබලි වලට කපාගත් ටැරගත් තේ හැඳි 128
  • ඔලිව් තෙල් අඩු කෝප්ප 14ක්
  • ලුණු ගම්මිරිස් අවශ්‍ය පමණට
  • සලාදය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
  • සලාද කොළ ගස් 1ක්
  • පොතු ඉවත් කරගත් දොඩම් 2 ක්
  • හතරට කපාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 7.8
  • ඇට ඉවත් කරගත් රට ඉඳි අඩු කෝප්ප 12

 

ඩ්‍රෙසිං සාදාගන්නා ආකාරය

බටර් මිල්ක්. ලෙමන් යුෂ, රතුලූනු සහ ටැරගත් භාජනයකට දමා කවලම් කරගෙන එයටම ඔලිව් තෙල් එක් කරගන්න. ඉන්පසු ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණට දමා පදම් කරගන්න

සලාදය කදාගන්නා ආකාරය

භාජනයකට සලාද කොළ දමා ඩ්‍රෙසිං එකෙන් අඩු කෝප්ප 1/4 ක් හැර ඉතිර ප්‍රමාණය සලාද කොළවල හොඳින් තවරා ගන්න. ඉන්පසු දොඩම් බික් වෙන වෙනම ගලවාගෙන එයට ස්ට්‍රෝබෙරි සහ රට ඉඳි කවලම් කරගන්න ඉතිරි ඩ්‍රෙසිං සලාදයට උඩින් ඉසගෙන හොඳින් කවලම් කර පිළිගන්වන්න.


උපදෙස් - අදහස් විධායක සූපවේදී සුජිත් ආරියරත්න

සටහන - ඉෂංකා ජයසූරිය

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට Read Previous

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය Read Next

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය

Realted Post

Leave a comment