සිරිකත ගමේ රසට ’’ලබු’’ වලින් රසවත් කෑමක්

 

ලබු කියන්නේ එතරම් කෑමට නොගන්නා එළවළුවක්. නමුත් ලබු වල ගුණ ගත්තාම මානසික සුවයට, සුව නින්දකට, හෘදයට, අක්මාවට, උදරයට , තරබාරු බව මට්ටු කරවන සිරුරට බොහෝ හිතකර එළවළුවක්.

මෙවැනි ගුණ රැසක් ලබා දෙන ලබු වලින් සාදාගත හැකි සුවිශේෂී කෑම වට්ටෝරුවක් ගැන තමයි මේ කතා කරන්න සූදානම් වන්නේ, 

ලබු මැල්ලුම. 

අවශ්‍ය ද්‍රව්‍ය: 

  • සිහින්ම කපා ගත් ලබු ග්‍රෑම් _ 250 ක්.
  • හීනයට කපා ගත් රතුළුණු ග්‍රෑම් _20 ක්.
  • හීනියට කැපූ අමුමිරිස් ග්‍රෑම් _20 ක්.
  • කරපිංචා ඉත්තක්.
  • තලා ගත් සුදුලූණු ග්‍රෑම්- 20 ක්.
  • කහ තේ හැඳි -1/2 ක්.
  • අබ කුඩු තේ හැඳි_ 1/2 ක්.
  • ගා ගත් පොල් ග්‍රෑම් _20 ක්.
  • පොල්තෙල් මේස හැඳි_ 02 ක් .
  • රස අනුව ලුණු.
  • ගම්මිරිස් තේ හැඳි 1/2 ක්.
  • දෙහි ගෙඩියක ඉස්ම.

සාදන අයුරු: 

කරපිංචා, පොල්, රස අනුව ලුණු, කහ, රතුලූණු, අමු මිරිස් මේ සියල්ල එකතු කර හොඳින් කොටාගන්න.
මැටි භාජනයක් ලිප තබා එයටපොල්තෙල් එකතු කර  ,තෙල් රත් වූ පසු අබ ඇට එකතු කරන්න. 
අබ ඇට ටික හොඳින් පිපිරුණු පසු කොටාගත් අමුද්‍රව්‍ය සියල්ල එකතුකර  කලවම් කරගන්න.
අවසානයට හීනියට කැපවූ ලබු ටික මිශ්‍ර කර  මද ගින්දරේ විනාඩි 05  පමණ  මලවා ගන්න. 
අවසානයට ලිපෙන් බා කෑමට ගන්න කිට්ටුව දෙහි යුෂ, රස අනුව ලුණු එකතු කරන්න. 

 

ඉදිරිපත් කිරීම: -

දේශීය ආහාර ගවේෂක, 
වෘත්තීය සූපවේදී සංගමයේ නිර්මාතෘ  
 සහා ගරු ලේකම් දේශමාන්‍ය ප්‍රවීණ සූපවේදී 
රුක්ෂාන් දාබරේ. 

සටහන - මහේෂානි මීගහපොල.

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ Read Previous

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ

උඩරට දුම්රිය ධාවනය ගැන සුබ ආරංචියක් Read Next

උඩරට දුම්රිය ධාවනය ගැන සුබ ආරංචියක්

Realted Post

Leave a comment