හැමෝම කැමති රසයකට ෆිෂ් කේක්

ෆිෂ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • තලපත් මාළු ග්‍රෑම් 500ක්
  • බිත්තර 1ක්
  • සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 50 ක්
  • සිහින්ව කපාගත් දෙහි කොළ 1ක්
  • අවශ්‍ය පමණට ලුණු
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්
  • කෝන් පිටි මේස හැඳි 2ක්
  • අවශ්‍ය පමණට තෙල්

සාදාගන්නා ආකාරය

පළමුවෙන්ම තලපත් මාළු කුඩා කැබලි වලට කපාගන්න. පසුව එයට බිත්තර, ලූනු, ලුණු, කෝන් පිටි දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු එයට කපාගත් දෙහි කොළ දමා කවලම් කරගන්න. පසුව එම මිශ්‍රණය හොඳින් අනා දෙහි ගෙඩි ප්‍රමාණයේ බෝල සාදා අතින් තුනී කර රත් වූ ගැඹුරු තෙලේ බැදගන්න.

උපදෙස් - විධායක සූපවේදී සුජිත් ආරියරත්න 

සටහන - ඉෂංකා ජයසූරිය

පූජනීය නගරයේ වැටලූ ගජමුතු ජාවාරම Read Previous

පූජනීය නගරයේ වැටලූ ගජමුතු ජාවාරම

පූජනීය නගරයේ වැටලූ ගජමුතු ජාවාරම Read Next

පූජනීය නගරයේ වැටලූ ගජමුතු ජාවාරම

Realted Post

Leave a comment