Avocado Sweets

මේ අලිගැටපේර වාරයයි. ලොකු කුඩා කවුරුත් ප්‍රිය කරන පළතුරක් වන අලිගැටපේර අපතේ නොයවා වෙනස් රස ගොඩකින් සාදන ආකාරය මෙවර අපි ඔබට ගෙනෙන්නෙමු. 

Avocado cake

 

  • අවශ්‍ය ද්‍රව්‍ය 

හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩි 4ක්
බිත්තර 4ක්
පාන් පිටි ග්‍රෑම් 250ක්
බේකින් පවුඩර් මේස හැඳි  1ක්
ලුණු කුඩු තේ හැඳි  1ක්
සීනි ග්‍රෑම් 150ක්

  • සාදාගන්නා ආකාරය

මුලින්ම අලිගැටපේර ඇට පොතු ඉවත් කර බිත්තර සමග බ්ලෙන්ඩ් කරගන්න. හොඳින් බ්ලෙන්ඩ් වූ පසු භාජනයකට දමා එයට සීනි පාන්පිටි බේකින් පව්ඩර් එකතුකර හොඳින් විස්ක් එකකින් ක්‍රීම් වනතුරු කවලම් කරගෙන බටර් ආලේප කරගත් තැටියකට මෙම මිශ්‍රණය දමා 180° මිනිත්තු 35/40ක් පමණ බේක් කරගන්න.


Avocado Pasta 

 

  • අවශ්‍ය ද්‍රව්‍ය 

තම්බාගත් පැස්ටා ග්‍රෑම් 300ක් 
ඉදුණු අලිගැටපේර ගෙඩි 1ක්
ලුණුකුඩු තේ හැඳි 1ක්
ගම්මිරිස් තේ හැඳි  1ක්
නැවුම් එළකිරි මිලිලීටර් 100ක්
චොප් කරගත් සුදු ලූනු පේස්ට් මේස හැඳි 1ක් 
ඔලිව් තෙල් හෝ සූරියකාන්ත තෙල් ටිකක් 

  • සාදාගන්නා ආකාරය 

මුලින්ම අලිපේර ටික හොදින බ්ලෙන්ඩ්කර ගන්න.  ඉන්පසු නොඇලෙන පෑන් එකකට තෙල් ටික දමා එයට සුදු ලූනු ටිකක් දමා රන්වන් පැහැය එනතුරු බැදගන්න. එයට පැස්ටා ටික එකතුකර ලුණු, ගම්මිරිස් එකතු කරන්න. ඉන්පසු එයට අලිගැටපේර මිශ්‍රණය සහ නැවුම් එළකිරි එකතු කරන්න. හොඳින් කවලම් කර ලිප නිවා දෙහි යුෂ  ස්වල්පයක් එකතු කරන්න.


Avocado ice cream

  • අවශ්‍ය ද්‍රව්‍ය 

සාමාන්‍ය ප්‍රමාණයට ඉදුණු අලිගැටපේර ගෙඩි 2 ක්
සීනි ග්‍රෑම් 150ක්
ලුණු කුඩු තේ හැඳි  1ක්
යෝගට් තේ හැඳි 3ක්

  • සාදාගන්නා ආකාරය 

මුලින්ම අලිගැටපේර ටික කුඩාවට කපා අධිශීතකරණයේ පැය දෙකක් පමණ තබන්න. ඉන්පසු  බ්ලෙන්ඩරයකට දමා සීනි, යෝගට් සහ ලුණු එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරන්න. මෙලෙස විනාඩි පහක් පමණ නොනවත්වා බ්ලෙන්ඩ් කිරීමෙන් හොඳින් ක්‍රීම් එකක් බවට පත් වේ. ඉන්පසු මෙය සුදුසු භාජනයකට දමා අධිශීතකරණයේ සෙට්වෙන්න තබා සෙට් වුණු පසුව අාහාරයට ගන්න.


Corn Avocado Salad


අවශ්‍ය ද්‍රව්‍ය 
සාමාන්‍ය ප්‍රමාණයට ඉඳුණ අලිගැට පේර ගෙඩි 1ක්
තම්බාගත් බඩ ඉරිඟු හෝ ඇසුරුම් කර ඇති බඩ ඉරිඟු ඇට ග්‍රෑම් 50ක් 
තක්කාලි ගෙඩි 1ක් (කුඩාවට කොටුකපාගත්)
බී ලූනු ගෙඩි 1ක් (කුඩාවට කපාගත්)
Chinese Cucumber ගෙඩි 1ක් 
ලුණු කුඩු තේ හැඳි 1ක් 
ගම්මිරිස් තේ හැඳි  1ක්
ඔලිව් තෙල් මේස හැඳි 1ක්
දෙහි ගෙඩි 2ක  යුෂ
සාදාගන්නා ආකාරය 
මුලින්ම අලිගැටපේර සාමාන්‍ය ප්‍රමාණයට කොටු කපාගන්න. ඉන්පසු එයට බී ලූනු,  තක්කාලි සහ ඉරිඟු ඇට කවලම් කරන්න. ඉන්පසු එයට ඔලිව් තෙල්, ලුණු කුඩු, දෙහි, ගම්මිරිස් එකතු කරන්න.


 

ඉඟ නෙරියේ රැලි හදාපු සවන් පතට තෝඩු දාපු සුර කුමරියන් Read Previous

ඉඟ නෙරියේ රැලි හදාපු සවන් පතට තෝඩු දාපු සුර කුමරියන්

ජනප්‍රිය අය කසාද බැන්ද ගමන්, Divorce වෙන්නෙ ඇයි?    කතාව විත් අශ් සමඟ එකතු වූ  රංගන ශිල්පිනී කාංචනා කාන් Read Next

ජනප්‍රිය අය කසාද බැන්ද ගමන්, Divorce වෙන්නෙ ඇයි? කතාව විත් අශ් සමඟ එකතු වූ රංගන ශිල්පිනී කාංචනා කාන්

Realted Post

Leave a comment