Durian Lovers

මේ දූරියන් වාරය යි.  රස ගුණ පිරි කෑම වට්ටෝරු කිහිපයක් දූරියන්වලින් සාදාගන්නා ආකාරය යි මේ, දූරියන් ලවර්ස්ලා ට නම් මේ රෙසිපි විශේෂයි.

අමු දූරියන් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

  • අමු දූරියන් ගෙඩි 1 ක්
  • ලුණු  මේස හැඳි 2ක්
  • මිරිස්  කුඩු  තේ හැඳි 1ක්
  • කහ කුඩු  තේ හැඳි 1ක්
  • තුනපහ කුඩු මේස හැඳි 1ක්
  • සියඹලා යුෂ  මේස හැඳි 1ක්
  • ඉඟුරු කුඩා කැබැල්ලක්
  • සුදු ලූනු ගෙඩි  1ක්
  • රම්පෙ කැබැල්ලක්
  • බී ලූනු ගෙඩි 1ක්
  • කුරුඳුපොතු කුඩා කැබැල්ලක්
  • කරපිංචා ඉති 1ක්

සාදාගන්නා ආකාරය

දූරියන් ගෙඩියේ මදුළු වෙන්කරගෙන සිහින්ව කපා ගන්න. ඉන්පසු එය උණු කරගත් වතුර භාජනයකට දමන්න. එයට ලුණු සහ කහ ස්වල්පයක් දමා විනාඩි 15ක් පමණ වසා තබන්න.
තාච්චියක් ගෙන ලිප  තබා තෙල් ස්වල්පයක් දමා එයට  අඹ ඇට දමන්න. ඉන්පසු බීලූනු, කුරුඳුපොතු,  ඉඟුරු,  සුදුලූනු, රම්පෙ දමා රන්පැහැ වනතෙක් බැදගන්න. ඉන්පසු දූරියන් මදුළුවල වතුර ඉවත්වන තෙක් හොඳින් මිරිකාගෙන භාජනයකට දමා ගන්න. ඉන්පසු එයට කහ, මිරිස්කුඩු තුනපහ කුඩු, සියඔලා යුෂ දමා හොඳින් කවලම් කර මුලින් සාදාගත් තෙම්පරාදුවට දමා කවලම් කර මඳ රස්නෙන් ඉදෙනතුරු වසා තබන්න.

දූරියන් ඇට චිප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • දූරියක් ඇට කිහිපයක්
  • බැද ගැනීමට තෙල්  බෝතල්  1/ 2 ක්  
  • ලුණු රස අනුව
  • කහකුඩු  තේ හැඳි   1/ 2 ක්

සාදාගන්නා ආකාරය

දූරියන් ඇට තම්බාගන්න. එහි පොතු ඉවත්කර පෙති කපාගන්න. රස අනුව ලුණු දමා හොඳින් මිශ්‍ර කර තෙලේ බැඳගන්න. ඉන්පසු ලුණු කුඩු,  මිරිස් කුඩු දමා හොඳින් මීශ්‍ර කර ආහාරයට ගන්න.

දූරියන් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉදුණු දූරියන් ගෙඩි 1ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි  1/ 2ක්
  • ජෙලටින් තේ හැඳි 1ක්
  • ටින්කිරි  මේස හැඳි 3ක්
  • රස අනුව ලුණු
  • කිරි වීදුරු 1ක්
  • කජු ඇට කිහිපයක්

සාදාගන්නා ආකාරය

දූරියන් මදුළුවල ඇට ඉවත්කොට  බ්ලෙන්ඩරයට දමා එයට වැනිලා  මිල්ක්මේඩ්  ලුණු, කිරි දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු එයට දිය කරගත් ජෙලටින්,  කුඩු කරගත්  කජු  දමා හොඳින් කවලම් කර ගැඹුරු  භාජනයකට දමා ශීතකරණයේ පැය දෙකක් පමණ තබා ආහාරයට ගන්න.

දූරියන් ඇට ඔම්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

  • දූරියන් ඇට කිහිපයක්
  • ජලය අඬු කෝප්ප 1/2ක්
  • බීලූනු  ගෙඩි 1ක්
  • අමු මිරිස් කරල් 2ක්
  • ගම්මිරිස් කුඩු තේ හැඳි  1/2ක්
  • කහ කුඩු තේ හැඳි 1/2ක්
  • ලුණු රස අනුව

සාදාගන්නා ආකාරය

දූරියන් ඇට හොඳින් සෝදා පොතු ඉවත්කර කුඩා කැබලිවලට කපා ගන්න. ඉන්පසු කපා ගත් දුරියන් ඇට  බ්ලෙන්ඩ් එකට දමා ක්‍රීම් එකක් ආකාරයට හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු එය භාජනයට දමා ලූනු, අමුමිරිස්, ගම්මිරිස් කහ කුඩු  ලුණු  දමා හොඳින් කවලම් කරගන්න. පසුව පෑන් එකක් ලිප  තබා අඩු ගින්දරේ තම්බාගන්න.
 
 
 

‎කලා චිකිත්සක වැඩමුලුව 2026 Read Previous

‎කලා චිකිත්සක වැඩමුලුව 2026

රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව Read Next

රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව

Realted Post

Leave a comment