TEA time එකට කලින්ම සෙට් වෙන්න

 


කලින් සාදා තබාගෙන තේ වෙලාවට ගන්න පුළුවන් රසවත් කෑම වර්ග කිහිපයකි මේ, මේ රසට ගෙදර හැමෝම කැමති වේවි. 


1.  චිකන් බන්

අවශ්‍ය ද්‍රව්‍ය
පාන්පිටි ග්‍රෑම් 250 ක්
ක්‍ෂණික යීස්ට් තේ හැඳි 1 ක්
සීනි තේ හැඳි 1 ක්
බටර් තේ හැඳි 1 ක්
ලුණු කුඩු තේ හැඳි 1/4 ක්
ළා රස්නය ඇති වතුර 

සාදන ක්‍රමය
පාන්පිටිවලට ක්‍ෂණික යීස්ට් මිශ්‍රකර සීනි, බටර්, ලුණු ද එකතු කර ළා රස්නය වතුර ටිකෙන් ටික එකතු කරමින් අතේ නොඇලෙන පදමට අනන්න. ඉන්පසු රෙදි කැබැල්ලකින් වසා  පැය 1/2 ක් තබන්න. 
 

උපදෙස් - කේක් නිර්මාණ හා ඉවුම් පිහුම් ශිල්පිනී  දුෂ්‍යාන්ති මදනායක 
 


පිරවුම
අවශ්‍ය ද්‍රව්‍ය
කුඩාවට කපාගත් ලූනු ගෙඩි 1/2 ක්
ලූනු ගස් 2 ක් (කොළ සහ ලූනු) ගන්න. 
තම්බා ගත්  කුකුළු මස් ග්‍රෑම් 150 ක්
ලුණු කුඩු තේ හැඳි 1/4 ක් 
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක් 
පුවා ගත් බටර් මේස හැඳි 1 ක් 
සෝයා සෝස් තේ හැඳි 1 ක්
 පාන් පිටි තේ හැඳි 2 ක් 

 සාදන ක්‍රමය
සාස්පානක් ලිප තබා බටර්  දමා  රත්වන විට  කපාගත් ලූනු එකතු කරන්න. එයට තම්බා ගත් කුකුළු මස් කුඩාවට කපා එකතු කර එයට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, සෝයා සෝස්,  පාන් පිටි, වතුර ටිකක් එකතු කර එය වයිට් සෝස් එකක් ආකාරයට සාදා  ලිප නිවීමට පෙර ලූනු කොළ එකතු කරන්න. දැන් ලිප නිවා  පිරවුම වෙනත් දීසියකට දමන්න. 
පළමුව අනාගත් පිටි බෝලය ගෙන එය කොටස් අටකට පමණ කඩාගන්න. පාන් පිටි ටිකක් ඉසගත් ලෑල්ලක එක කොටසක් තුනී කරන්න. එය ඕවල් හැඩයට තුනී කරන්න.  සාදා ගත් කුකුළු මස් පේස්ට් එකෙන් ටිකක් තබා එහි හතර පැත්ත උඩට ගෙන රවුමට බන් ආකාරයට සාදා බටර් ගාගත් තැටියක තබන්න. මේ ආකාරයට සියල්ල සාදා ගත් පසු  බිත්තර කහ මදයට සීනි තේ හැඳි 1/4 ක් එකතු කර ගසා එය බුරුසුවකින් බන් එක මත ආලේප කරන්න. නැවතත් එහි උඩට තල ඇට ඉසින්න. අවන් එක සෙන්ටිග්‍රේඩ්  150 උෂ්ණත්වයට විනාඩි 5 ක්  රත්කර තැටිය තබා එම උෂ්ණත්වයේම  විනාඩි 30 - 35 ක් බේක් කරන්න. 

 


2. පෆ් පේස්ටි්‍ර විත් ජෑම්

 අවශ්‍ය ද්‍රව්‍ය 
 පෆ් පේස්ටි්‍ර සීට් 1 ක් (වෙළෙඳපොළෙන් ගත හැක)

 සාදන ක්‍රමය
ලෑල්ල මත පාන් පිටි ටිකක් දමන්න. එහි පෆ් පේස්ටි්‍ර සීට් එක තබා සෘජු කෝණාස්‍රාකාර හැඩයට තුනී කරන්න. එහි කොන් කපා කොටු ආකාරයට සීට් එක ගන්න. (සාදා ගත් සීට්  අධි ශීතකරණයේ තබා ගත හැකියි) මෙම කොටුවේ බාගයකට ජෑම් ටිකක් ආලේප කරන්න. කැමති ජෑම් එකක් ගත හැකියි. සේවරි රසයට කැමති නම් චීස් වැනි දෙයක් එකතු කර ගත හැකියි. දැන් ජෑම් ආලේප නොකළ පැත්තට සීට් එක නවන්න. නැවතත් තුනීකර එයින් එක පළලට තීරු පීසා  කටරයකින් කපන්න. එම තීරු එකින් එක ගෙන එක පිට වැටෙන ආකාරයට නවන්න. නවාගත් කොටස් නොගැලfිවන ආකාරයට කෙබාබ්  සීට් කුරක් ගසන්න. ටූත් පික් පාවිච්චි  නොකරන්න. මේ ආකාරයට සියල්ල සාදා ගත් පසු තැටියක තබා ඒ මත  බිත්තර කහමදයට සීනි  තේ හැඳි 1/4 ක් එකතු කර  මිශ්‍රකර  එය බුරුසුවක් ආධාරයෙන්  පෆ් පේස්ටි්‍ර මත ගාන්න. නැවතත් දුඹුරු සීනි  මේස හැඳි 1කට කුරුඳු පවුඩර් තේ හැඳි 1/4 ක් එකතු කර තැටියේ ඇති පෆ් පේස්ටි්‍ර උඩින්  ඉසින්න. සෙන්ටිග්‍රේඩ් 150 උෂ්ණත්වයට විනාඩි 10 ක් රත්කර ගත් අවන් එකක තැටිය තබා  නැවතත් විනාඩි 20 ක් බේක් කරන්න. 

 


3. බට්න් මෂ්රුම් පකෝඩා

 අවශ්‍ය ද්‍රව්‍ය
 නැවුම් හතු (බට්න් මෂ්රූම් 15-20 ක් පමණ)
 ලුණු කුඩු තේ හැඳි 1/2 ක්
 ගරම් මසාල කුඩු තේ හැඳි 1/2 ක්
 මිරිස් කුඩු තේ හැඳි 1/2 ක් 
පාන් පිටි මේස හැඳි 2 ක්
 හාල් පිටි මේස හැඳි 2 ක්
 කෝන් පිටි මේස හැඳි 1 ක්

 සාදන ක්‍රමය
 බට්න් මෂ්රූම් දෙකට මැදින් පළන්න. සොයා ගැනීමට අපහසු නම් සාමාන්‍ය හතු ගන්න.  බැටරය සඳහා  පාන් පිටි, හාල් පිටි, කෝන් පිටි,  මිරිස් කුඩු, ගරම් මසාල, ලුණු කුඩු සියල්ල එකට මිශ්‍රකර වතුර ටිකක් එකතු කර ගොරෝසු මිශ්‍රණයක් සාදන්න. කපාගත් හතු බැටරයට දමා කලවම් කර රත් වූ තෙලට දමා එක ගුලියක් ආකාරයට එකින් එක තෙලට දමා  බදින්න. හතු කෑමට අකමැති අයට තේවලට වගේම බත් සමගත් ආහාරයට ගත හැකියි.
 


 4. මුරුක්කු
අවශ්‍ය ද්‍රව්‍ය
සුදුලූනු බික් 5 ක්
 කඩල පිටි කෝප්ප 1 ක්
 හාල් පිටි මේස හැඳි 1 ක්
 ලුණු කුඩු තේහැඳි 1/4 ක් 
 මිරිස්  කුඩු  තේ හැඳි 1/4 ක්
 සූදුරු ස්වල්පයක්

 සාදන ක්‍රමය
 සුදුලූනු බික් තළන්න. එය වතුර ස්වල්පයකට මිශ්‍ර කරන්න. ටික වේලාවක් තබා  දැන් සුදුලූනුවල වතුර ටික පෙරාගන්න. හාල් පිටි, ලුණු කුඩු,  මිරිස් කුඩු,  සූදුරු සියල්ල එකට මිශ්‍රකර සුදුලූනු වතුර දමා මිශ්‍රණය අනන්න. මෙම මිශ්‍රණය අතේ නොඇලෙන ආකාරයට අනන්න. තෙල් රත් කරන්න. අනාගත් මිශ්‍රණයෙන් ටිකක් වෙන් කරගන්න. මුරුක්කු වංගෙඩියට මිශ්‍රණයෙන් ටිකක් දමා රත් වූ තෙලට මිරිකන්න. එක පැත්තක් බැදෙන විට අනිත් පැත්ත හරවන්න. අයින් කර ගත් මිශ්‍රණයෙන් ටිකකට කොළ වර්ණ ටිකක් දමා එයට වංගෙඩියට දමා තෙලට මිරිකා පළමු ආකාරයට එක් පැත්තක් බැද අනිත් පැත්ත හරවා බැද ඉවතට ගන්න. අනිත් කොටසට රතු වර්ණය දමා පලමු ආකරයට තෙලට මිරිකා බැද ගන්න.  වර්ණ තුනකින් සාදා ගත් මුරුක්කු එක බඳුනකට දමා අතින් පොඩි කරන්න. එයට නැවතත්  ලුණු කුඩු  තේ හැඳි1/4 ක්,  සීනි තේ හැඳි 1/2 ක්, මිරිස් කුඩු  තේ හැඳි 1/4 ක් එකතු කර  මිශ්‍ර කර  සංග්‍රහ කිරීමට ගන්නා බඳුනට දමන්න.   


 


පුෂ්පා රණවීර  



  

Office යන්න මෙහෙම අඳින්න Read Previous

Office යන්න මෙහෙම අඳින්න

විශ්වසනීය හැසිරීම මත ප්‍රතිඵලය වෙනස් වේ Read Next

විශ්වසනීය හැසිරීම මත ප්‍රතිඵලය වෙනස් වේ

Realted Post

Leave a comment