Vegetarian අයට ගැලපෙන ආහාර

වැඩිහිටි වියේ පසුවන බොහෝ කාන්තාවෝ  තම ආහාර වේල ගැන  එතරම් උන්නදුවක්  නොදක්වති. සමහර වැඩිහිටියන් මස් මාළු බිත්තර වැනි පෝෂණීය ආහාර වර්ගවලට රුචියක් ද නොදක්වයි.  මේ නිසාම ඔවුන් ගන්නා ආහාර ගුණාත්මකබවින් අඩු විය හැකිය. මේ පෝෂණ ඌණතා දුරලන වැඩිහිටියන්ට සුදුසු ආහාර කිහිපයකි.     
 

 

1. කුරකකන් කැඳ
 අවශ්‍ය ද්‍රව්‍ය
රතු සුණු හාල් මේස හැඳි 3 ක්
කුරක්කන් පිටි මේස හැඳි 2 ක්
දෙවන පොල් කිරි කෝප්ප 5 ක්ලියාගත් සුදුලූනු  බික් 4, 5 ක්
ලියාගත් රතුලූනු ගෙඩි 5, 6 ක්
කරපිංචා කොළ ස්වල්පයක්
ඉඟුරු පෙති 3, 4 ක්
 
  සාදන ක්‍රමය
පොල් කිරි මිශ්‍රණයෙන් කෝප්පයක් පසෙක තබන්න. සුණු හාල් හොඳින් සෝදා බඳුනකට දමා සුදුලූනු, රතුලූනු, කරපිංචා, ඉඟුරු සහ ලුණු ස්වල්පයක් එකතු කර වතුර කෝප්ප 2 ක් දමා සුණු හාල් බෙරි වන තෙක් තම්බන්න. පසුව වෙන්කර  ගත්  පොල් කිරි කෝප්පයට  කුරක්කන් එකතු කර  හොඳින් දියකර ගන්න. දැන් හොඳින් තැම්බුණු හාල්වලට  කිරි කෝප්ප 4 ක් එකතු කර උතුරවන්න. 
උතුරා එන විට පොල් කිරිවල දියකර ගත් කුරක්කන් පිටි එකතු කර  හැඳිගාන්න.
 
 
2. කව්පී වෑංජනය
 අවශ්‍ය ද්‍රව්‍ය
රතු කව්පී ග්‍රෑම් 250 ක්
ලියාගත් රතුලූනු ගෙඩි 7, 8 ක්
ලියාගත් සුදුලූනු බික් 3, 4 ක්
අබ ඇට තේ හැඳි 1/2 ක්
සූදුරු ඇට තේ හැඳි 1/2 ක්
තුනපහ කුඩු තේ හැඳි 1 ක්
මිරිස් කුඩු තේ හැඳි 1 ක්
කහ කුඩු ස්වල්පයක්
කුරුඳු පවුඩර්  තේ හැඳි 1/2 ක්
දියකිරි කෝප්ප 2 ක්
මිටිකිරි  කෝප්ප 1 ක්
පොල් තෙල් මේස හැඳි 3 ක්
වියළි මිරිස් කරල් 4- 5 ක් 
රම්පේ, කරපිංචා ස්වල්පයක්
 
 සාදන ක්‍රමය
කව්පී රැයක් පොඟවා බෙරි වන ආකාරයට තම්බන්න. සාස්පානකට තෙල් දමා රත්කර සූදුරු, අබ දමා බැදෙන විට එයට කඩාගත් වියළි මිරිස් කැබලි දමා එයට ලියාගත් සුදුලූනු, රතුලූනු, රම්පා, කරපිංචා එකතු කර තරමක් බැදී එන විට දියකිරි එකතු කරන්න. එයට මිරිස්, තුනහ, කහකුඩු  එකතු කරරස අන්ව ලුණු ස්වල්පයක් එකතු කර උතුරන විට තම්බා ගත් කව්පී ටිකක් හැන්දෙන් පොඩිකර එකතු කරන්න. පසුව මිටිකිරි එකතු කර අඩු ගින්දරේ තබා ලිපෙන් ඉවතට ගන්න. 
 
 
3. ළපටි කොහිල අල සලාදය
 අවශ්‍ය ද්‍රව්‍ය
ළපටි කොහිල අල ග්‍රෑම් 200 ක් පමණ
ලියාගත් රතුලූනු කෝප්ප 1/2 ක් පමණ
සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 4, 5 ක්
සිහින්ව ලියාගත් කරපිංචා කොළ ස්වල්පයක්
 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2  ක්
 ගාගත් පොල් මේස හැඳි  3 ක්
 අවශ්‍ය නම් උම්බලකඩ
 දෙහි ඇඹුල් මේස හැඳි 2 ක්
 
 සාදන ක්‍රමය
ළපටි කොහිල අල ඉරු ආකාරයට හෝ කොටු ආකාරයට සිහින්ව ලියන්න. කැපීමට අපහසු නම් ටිකක් තළන්න. කපාගත් කොහිල ලුණු වතුරට දමාලුණු වතුරේ ස්වල්ප වේලාවක් තබා කොහිල ටික මිරිකන්න.  දැන් ලියාගත් ලූනුවලට  සිහින්ව ලියාගත් කරපිංචා, අමුමිරිස්, ගම්මිරිස් කුඩු,  ලුනු කුඩු සහ පොල්, දෙහි එකතු කර සම්බෝලයක් ආකාරයට අතින් මිශ්‍ර කරන්න. දැන් ලුණු වතුරින් මිරිකා ගත් කොහිල එකතු කර මිශ්‍ර කරන්න
 
 
 
4. කූර තම්පලා පොල් මිශ්‍ර වෑංජනය
 අවශ්‍ය ද්‍රව්‍ය 
 කූර තම්පලා මිටියක්
 ලියාගත් රතුලූනු ග්‍රෑම් 50 ක්
 ලියාගත් සුදුලූනු බික් 3, 4 ක්
 කඩා ගත් වියළි මිරිස් කරල්  4, 5 ක්
 අබ ඇට තේ හැඳි 1/2 ක්
 පොල් මේස හැඳි 3 ක් පමණ
 පොල් තෙල් මේස හැඳි 2 ක්
 කෑලි මිරිස් තේ හැඳි 1 ක්
 රම්පා, කරපිංචා ස්වල්පයක් 
 
 සාදන ක්‍රමය
කූර තම්පලා මිටිය ශුද්ධ කර සෝදා තෙත බේරෙන්න තබන්න. සාස්පානකට තෙල් දමා රත් කරන්න.  එයට අබ දමා පුපුරවන්න. වියළි මිරිස් කරල් ද එකතු කරන්න. ස්වල්ප වේලාවක් බැද ලියාගත් ලූනු.  රම්පා. කරපිංචා සහ කෑලි මිරිස් එකතු කර පොල් එකතු කර මලවන්න. එයට තෙත බේරෙන්න තබා ගත්  කූර තම්පලා එකතු කරන්න. දෙහි, ලුණු එකතු කර ඉවතට ගන්න. 
 

 පුෂ්පා රණවීර  
 
 
 
 
 
 
 
 
 

CHUTNEY Read Previous

CHUTNEY

CHUTNEY Read Next

CHUTNEY

Realted Post

Leave a comment