අඹරපු කුකුළු මස් බත්

රසට පහසුවට අලුත් කෑමක් හදමුද? 

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිසගත් බත් කි.ග්‍රෑම් 1ක්
  • අඹරාගත් කුකුළු මස් ග්‍රෑම් 250 ක්
  • කුඩාවට කපාගත් ලූනු ග්‍රෑම් 50 ක්
  • ඉඟුරු ග්‍රෑම් 15ක්
  • සුදුලුනු ග්‍රෑම් 15ක්
  • බිත්තර 4ක්
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්
  • තෙල් මේස හැඳි 4ක්
  • අවශ්‍ය පමණට ලුණු

සාදාගන්න ආකාරය

පළමුවෙන්ම සුදුසු භාජනයක් ලිප තබා එයට තෙල් දමා රත් වන විට ඉඟුරු, සුදුලූනු, ලූනු එකතු කර තෙම්පරාදු කරගන්න පසුව මෙයට අඹරාගත් කුකුළු මස් බිත්තර එකතු කර හොඳින් තෙම්පරාදු කරගන්න.

ඉන්පසු එම මිශ්‍රණයට පිසගත් බත් දමා හොඳින් කවලම් කරගන්න.

උපදෙස් - දායක සූපවේදී සුජිත් ආරියරත්න

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය Read Previous

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර Read Next

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර

Realted Post

Leave a comment