අලුත් විදියට පපායා විත් ග්‍රීන් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සිහින්න කැපූ බාගෙට ඉදුණු ගස්ලබු ග්‍රෑම් 500 ක්.
  • කුඩාවට කඩාගත් සලාද කොළ ග්‍රෑම් 100 ක්.
  • සිහින්න කැපූ කොළ ඇපල් ග්‍රෑම්  500 ක්.
  • කුඩාවට කැපු ගර්කින් ග්‍රෑම් 25 ක්.
  • කැබලි ගම්මිරිස් ග්‍රෑම් 10 ක්.
  • රස අනුව ලුණු. 
  • දෙහි පලුවක යුෂ. 

සාදන අයුරු

භාජනයක් ගෙන සියලු අමුද්‍රව්‍ය දමා ගෑරුප්පුවක් ආධාරයෙන් කලවම් කරගන්න. පසුව මෙය විනාඩි 10  පමණ කාලයක් ශීතකරණයේ තබන්න. සලාදය කෑමට ගැනීමට පෙර දෙහි යුෂ එකතු කර කලවම් කරන්න. 

සටහන - මහේෂානි මීගහපොල.

ඉදිරිපත් කිරීම - දේශීය ආහාර සහ කේක් නිර්මාණ ශිල්පිණී, සූපවේදනී,
ජෙනෙව්රා දාබරේ.

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය Read Previous

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය

එයා රියලිටි තරඟය ගැන දැක්ක විදිහ Read Next

එයා රියලිටි තරඟය ගැන දැක්ක විදිහ

Realted Post

Leave a comment