ඇපල් පෑන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 1 ක්

  • මෙල්ට කරගත් බටර් මේස හැඳි 2 ක්

  • වැනිලා තේ හැඳි 2 ක්

  • පිටි කෝප්ප 2 ක්

  • සීනි තේ හැඳි 4 ක්

  • කිරි කෝප්ප 1/4 ක්

  • බේකින් පවුඩර් තේ හැඳි 1/2

  • කපාගත් ඇපල්

සාදා ගන්නා ආකාරය

භාජනයකට බටර් දමා ලිපේ තබා දියකර වෙනත් භාජනයකට දමා නිවාගන්න.

භාජනයකට කිරි, බිත්තර, දියකරගත් බටර්, සීනි, වැනිලා දමා හොඳින් කලවම් කරගන්න.

ඉන්පසු හලාගත් පිටි හා බේකින් පවුඩර් මිශ්‍රණය ටිකෙන් ටික ඉහත මිශ්‍රණයට යොදා තරමක් ගන බැටර් එකක් වනතුරුම කලවම් කරගන්න.

නොන්ස්ටික් පෑන් එකක් ලිප තබා එයට බැටර් එකෙන් හැන්දක් දමා ඊට උඩින් කපාගත් ඇපල් කැබලි දමා කුඩා බුබුළු මතුවන විට අනෙක් පැත්ත හරවා පිසගන්න.

සාදාගත් ඇපල් පෑන් කේක් උඩින් පැණි තවරා ආහාරයට ගන්න.

අදහස් දැක්වීම 
සූපවේදී 
මංජුල ද සිල්වා

කොළඹ අතිරේක දිසාපතිනි නීතිඥ කෞශල්‍යා කුමාරි මහත්මියගේ නවතම ග්‍රන්ථය ප්‍රවීණ විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා මහතාට පිළිගන්වයි Read Previous

කොළඹ අතිරේක දිසාපතිනි නීතිඥ කෞශල්‍යා කුමාරි මහත්මියගේ නවතම ග්‍රන්ථය ප්‍රවීණ විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා මහතාට පිළිගන්වයි

බේරුවල  සිසු නිපුණතා තරගවලින් ජයගත්  අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි Read Next

බේරුවල සිසු නිපුණතා තරගවලින් ජයගත් අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි

Realted Post

Leave a comment