උළු හාල්වලින් ගුණදායී සලාදයක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පැළ කරන ලද උළු හාල් ග්‍රෑම් 100 ක්
  • රතු ලූනු ග්‍රෑම් 20 ක්
  • අන්නාසි ග්‍රෑම් 20 ක්
  • පිපිඤ්ඤා ග්‍රෑම් 20 ක්
  • තක්කාලි ග්‍රෑම් 20 ක්
  • අමු මිරිස් කරල් 4 ක්
  • ලුණු, ගම්මිරිස්, දෙහි අවශ්‍ය තරමට

සාදන ආකාරය

  • උළු හාල් බඳුනකට දමා පැය විසි හතරක් පෙඟෙන්න තබන්න. ඉන්පසු වතුර ඉවත්කර දින තුනක් පමණ පැළ වීමට තබන්න.
  • ඉන්පසු රතු ලූනු, පිපිඤ්ඤා, අන්නාසි, අමු මිරිස් තක්කාලි යන සියල්ලම කුඩා කැබලි වලට කපාගන්න.
  • එයට ම දෙහි යුෂ ගම්මිරිස් කුඩු සහ ලුණු එකතු කරන්න. දැන් පැළ වූ උළු හාල් ටික එක්කර කලවම් කරගන්න.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලොස්ටරෝල් පාලනය කරයි.

රුධිර නාළවල ලේ කැටි දිය කරයි. හදවත් රෝගීන්ට ගුණදායකයි.

සටහන: මහේශානි මීගහපොළ
ඉදිරිපත් කිරීම
: ප්‍රවීණ සූපවේදිනී/ ගෘහ ආර්ථික විද්‍යා ආචාරීනී දිලුක්ෂි කුමාරසිරි

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි Read Previous

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය Read Next

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය

Realted Post

Leave a comment