කජු, රටකජු රස මවමු

කජු මෙන්ම රට කජු ද ඉතා රසවත් ය.  විවිධ රෝගවලටත් ගුණ දෙන මේ ආහාර වර්ග නිරතුරුවම රස විඳිය නොහැකි වුවත්  ඉඩ ලද විටක  රස කැවිලි මෙන්ම වෑංජන ද සාදා ආහාරයට එකතු කරගන්න.



1. කජු කට්ලි
 අවශ්‍ය ද්‍රව්‍ය
කජු ග්‍රෑම් 300 ක් 
සීනි ග්‍රෑම්  150 ක්
ගිතෙල් හැඳි 2 ක්
වතුර කෝප්ප 1/2 ක්

 සාදන ක්‍රමය
කජු ටික බ්ලෙන්ඩරයට දමන්න. ඉන්පසු එයට සීනි සහ වතුර එකතු කර බ්ලෙන්ඩ් කර සාස්පානකට දමා මඳගින්දරේ ලිප තබා  හැඳිගාන්න. ටික වේලාවකින් ගිතෙල් හැන්ද බැගින් එකතු කර හැඳිගාන්න. මෙයට අවශ්‍ය නම් එසන්ස් ටිකක් එකතු කරන්න. මෙම මිශ්‍රණය ගුලියට එනවිට බටර් ගාගත් ලෑල්ලකට දමා එයින්  හැන්දට ටික ටික ගෙන ගුලි සාදන්න. 

 


2 කජු සමග බිස්කට්
 අවශ්‍ය ද්‍රව්‍ය
කජු ග්‍රෑම් 100 ක්
පාන් පිටි කෝප්ප 1 ක්
සීනි තේ හැඳි 6 ක්
පිටි කිරි වර්ගයකින් මේස හැඳි 1 ක් 
බටර් හැඳි 4 ක්
එලකිරි කිරි තේ  හැඳි 2 1/2 ක්
බේකින් පවුඩර් තේ හැඳි 1/2  ක්
වැනිලා තේ හැඳි 1/2 ක්
 ලුණු ස්වල්පයක් 


සාදන ක්‍රමය
පාන් පිටි, කිරි පිටි සහ බේකින් පවුඩර් එකට හලන්න. බඳුනකට බටර් දමා එයට සීනි එකතු කරන්න. මෙය හොඳින් මිශ්‍ර කරන්න. එයට වැනිලා එකතු කරන්න. දැන් හලාගත් පිටි මිශ්‍රණය එයට එකතු කරන්න.  වියළිව තිබේ නම් එලකිරි එකතු කරන්න. කජු ටික කෑලි සිටින ආකාරයට බ්ලෙන්ඩ් කර එය ද මෙම මිශ්‍රණයට එකතු කරන්න. මෙය ගුලියක් ආකාරයට අනන්න. එයින් කුඩා ගුලි කඩන්න. තැටියක් ගෙන බටර් ටිකක් ආලේප කර ඒ මත සාදා ගත් ගුලි තබාගන්න. එම ගුලි ඉබේම පැතලියට  තුනී වූ පසු අවන් එකක තබා සෙන්ටිග්‍රේ  180 උෂ්ණත්වයට විනාඩි 20 ක් බේක් කරන්න.

 


 3 කජු ඩෙවල්
 අවශ්‍ය ද්‍රව්‍ය 
 කජු ග්‍රෑම් 100 ක්
 කඩල පිටි ග්‍රෑම් 50 ක්
 පාන් පිටි ග්‍රෑම් 10 ක්
 කෝන් පිටි මේස  හැඳි 3 ක්
 කෝන්ෆ්ලවර් මේස හැඳි 3 ක්
 ලොකුලූනු ගෙඩි  2 ක්
 තක්කාලි පොඩි ගෙඩියක්
 සෝයා සෝස් තේ හැඳි 1 ක්
 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
 මිරිස් කුඩු තේ හැඳි 1 ක්
 විනාකිරි තේ හැඳි 1 ක් 
 මාළු මිරිස් කරල් 2 ක්
 තක්කාලි සෝස් මේස හැඳි 3 ක්
 රතු සීනි මේස හැඳි 1 ක්
රම්පේ අඟලක පමණ කැබැල්ලක්
 කරපිංචා ටිකක්
 ලුණු කුඩු තේ හැඳි 1/2 ක්
 ඉඟුරු, සුදුලූනු තළාගත් මේස හැඳි 1 ක්
 බැදීමට තෙල්


 සාදන ක්‍රමය
කඩල පිටි, පාන්පිටි, කෝන් පිටිවලින් මේස හැඳි 1 ක්, ගම්මිරිස් කුඩු, මිරිස්කුඩු සහ ලුණු කුඩු දමා  වතුර ස්වල්පයක් එකතු කර බැටරයක් සාදන්න. කජු ගෙඩි ආකාරයට හෝ පළු ආකාරයට බැටරයේ දවටා ගැඹුරු තෙලේ බදින්න. සාස්පානකට තෙල් ස්වල්පයක් දමා රත්කර රම්පා, කරපිංචා දමා බැද  ඉඟුරු, සුදුලූනු, ලොකුලූනු, සිහින්ව ලියාගත් මා`ඵ මිරිස්, තක්කාලි, සෝස්, සෝයා සෝස්, විනාකිරි, සීනි එකතු කරන්න. එය කෝන් පිටි වතුර මේස හැඳි 2කින් දියකර රසයට ලුණු, ගම්මිරිස් ටිකක් එකතු කර මිශ්‍ර කර බැදගත් කජු එකතු කරන්න. 

 


4 රට කජු බිස්කට්
 අවශ්‍ය ද්‍රව්‍ය

උපදෙස්  - කොළාන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ (කේක් සහ කෙටි කෑම)  උපදේශිකා  ප්‍රීතීකා වික්‍රමසිංහ  


රට කජු ග්‍රෑම් 100 ක්
කඩල පිටි ග්‍රෑම් 50 ක්
පාන් පිටි ග්‍රෑම් 50 ක්
මිරිස් කුඩු මේස හැඳි 1 ක්
ලුණු කුඩු ස්වල්පයක්
සිහින්ව ලියාගත් කරපිංචා ටිකක්
 රවුම් අච්චුවක්
 මඳ රස්නය වතුර ටිකක්
 බැදීමට තෙල්


 සාදන ක්‍රමය
රට කජු පොතු හැර යන්තමට කොටා හෝ  තළාගන්න.  පාන් පිටි, කඩල පිටි, මිරිස් කුඩු, ලුණු කුඩු, කරපිංචා, සියල්ල කලවම් කරන්න  මඳ රශ්නය වතුර ටිකක් එකතු කරනන.  දැන් සාස්පානකට තෙල් ස්වල්පයක් දමා රත්කර එයට අච්චුවක් තිබේ නම් එහි බටර් ගා තෙල් සහිත සාස්පානට දමා සාදා ගත් බැටරය අච්චුවේ මැදට දමා ටික වේලාවකින් අච්චුව ඉවතට ගෙන දෙපැත්ත දමා බැදගන්න. නැතිනම්  මිශ්‍රණය හැන්දකින් ටිකක් ගෙන එයින් ටික ටික තෙලට දමා දෙපැත්ත බැදගන්න.

 


 පුෂ්පා රණවීර  


 

“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්....... Read Previous

“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්.......

අපි නිදහස්ද Read Next

අපි නිදහස්ද

Realted Post

Leave a comment