කටට කෙල උණන රසයකට කැමති ඔබට බීෆ් ලසඤ්ඤා

අවශ්‍ය ද්‍රව්‍ය

  • අඹරාගත් බීෆ් ග්‍රෑම් 500ක්
  • බැසිල් ග්‍රෑම් 10ක්
  • රෝස්මරි ග්‍රෑම් 5ක්
  • තක්කාලි පේස්ට් ග්‍රෑම් 300ක්
  • ලුණු රස අනුව
  • ගම්මිරිස් තේ හැඳි 1ක්
  • ලූනු ග්‍රෑම් 30 ක්
  • සුදුලූනු ග්‍රෑම් 10 ක්
  • ඔලිව් ඔයිල් මිලී. 50 ක්
  • ලසඤ්ඤා මීට්
  • මොසරැල්ලා චීස්

 

සාදාගන්නා ආකාරය

සුදුසු භාජනයක් ලිප මත තබා එයට ඔලිව් තෙල් දමා රත් කරගන්න. ඉන්පසු එයට ලුණු, සුදුලුනු, රෝස්මරී බැසිල් එකතු කර තෙම්පරාදු කරගන්න පසුව එයට අඹරා ගත් බීෆ් එකතු කර හොඳින් තෙම්පරාදු කරගන්න ඉන්පසු එයට තක්කාලි පේස්ට් සහ වතුර ලීටර් භාගයක් එකතු කර මඳගින්නේ විනාඩි 20ක් පමණ හොඳින් පිසගෙන පේස්ට් ආකාරයට හින්දවා ගන්න

ලසඤ්ඤා ෂීට් ගෙන උණු වතුරේ ගිල්වා  විනාඩි 30ක් පමණ තබන්න 

දැන් සුදුසු තැටියක් ගෙන එහි යටට සාදාගත් බීෆ් මිශ්‍රණයෙන් ටිකක් දමා අතුරා ගන්න. එය ලසඤ්ඤා සිට්වලින් වසාගන්න නැවතත් බීෆ් මිශ්‍රණය දමා එයට උඩින් මොසරැල්ලා විස් අතුරා නැවතත් ලසඤ්ඤා ශීට් වලින් වසන්න. නැවත එයට උඩින් බීෆ් සහ චීස් දමා තුනී කර අවන් එකේ විනාඩි 15ක් බේක් කරගන්න ඉන්පසු අවන් එකෙන් ඉවතට ගෙන පැය භාගයකට පමණ පසු කෑලි කපාගන්න.

අදහස් - විධායක සූපවේදී සුජිත් ආරියරත්න

සටහන - ඉෂංකා ජයසූරිය

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Previous

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල්  මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල Read Next

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල් මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල

Realted Post

Leave a comment