කෑම රසවත් කරන්න නිවසේදීම පිරිසිදු පොල්තෙල් හදමු.

වෙළඳපොලේදී පිරිසුදු, නැවුම් පොල්තෙල් සොයා ගැනීමට තරමක් අසීරුයි. ඒවගේම එම පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවටද විවිධාකාර මතභේද තිබෙනවා. 
නමුත් ඔබට පොල්තෙල් නිවසේදීම සාදාගන්න පුළුවන් නම් කෙතරම් හොඳද?


පිරිසිදුව, නැවුම්ව, සෞඛ්‍යාරක්ෂිතව තෙල් සිඳ ගන්න පුළුවන් වගේම පරිභෝජනයට ගෙන අතිරික්තය ස්වයං රැකියාවක් ලෙසද යොදා ගැනීමට ඔබට පුළුවන්. 


 වස විසෙන් තොර පිරිසිදු පොල් තෙල් සකස් කරගන්නේ මෙහෙමයි.

    අවශ්‍ය ද්‍රව්‍ය සහ සාදාගන්නා අයුරු; 

  • සාමාන්‍ය ප්‍රමාණයෙන් පොල් ගෙඩි 10/12.
  • මෙය කුඩා කැබලි වලට කපා ගන්න. 

එසේ නැත්නම්, 

  • හිරමනයකින් මෙම පොල් ටික ගාගන්න. 
  • මෙම පොල් ටික හොඳින් හිරු එළියේ වියළා ගන්න..
  • අව්වේ වියළා ගත් පොල් ටික තෙල් මෝලකට ලබාදී අවශ්‍ය ලෙස පොල්තෙල්  සාදාගන්න පුළුවන්. 

එසේ නොමැති නම්, 

අතීතයේ අපේ පැරැන්නෝ තෙල් සිඳගත් ආකාරයට,

  • පොල් ටික මිරිකා ගෙන එම පොල් කිරි ටික  වියළි පිරිසිදු මැටි භාජනයකට තමා ලිපේ තබා  රත් කරගන්න.
  • අවසානයට තෙල් මෙන් උඩින් එකතු වුණ ටික ලබාගන්න. 

මෙම ක්‍රමය යම්තාක් දුරට අසීරු වූවත් මෙම පොල්තෙල් ඉතාම රසවත් වගේම ගුණවත්.

සටහන- මහේෂානි මීගහපොල.

අදහස් දැක්වීම -
සමන්ත
කොඩිතුවක්කු
.
විද්‍යා තාක්ෂණ නිලධාරී 
පැල්මඩුල්ල. 

 

‎කලා චිකිත්සක වැඩමුලුව 2026 Read Previous

‎කලා චිකිත්සක වැඩමුලුව 2026

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර Read Next

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර

Realted Post

Leave a comment