කෙට්ටුව මට්ටු කරන කෑම

රට ඉඳි 

රටඉඳිවල මදුර රස (පැණි රස) සිරුර මහත් කරයි. රට ඉඳිවල මැද ඇටය ඉවත් කර බටර් දමා ආහාරයට ගැනීම වඩාත් සුදුසුය. 

එළඟිතෙල් 

සිරුර පෘෂ්ඨිමත් කරන එළඟිතෙල්  ඕනෑම ආහාරයකට එක් කළ හැකිය. විශේෂයෙන් සලාද වර්ග සඳහා භාවිත කළ හැකිය. පොල්තෙල් වෙනුවට එළඟිතෙල් භාවිතය සුදුසු වන අතර සමේ වර්ණය ද දීප්තිමත් කර නිරෝගී කරයි. 

එළකිරි 

එළකිරි වල මදුර රස, පිත සමනය කර සිරුර සිසිල් කරයි. ඒ තුළින් සිරුර මහත්වීමට උපකාරී වේ. කෙට්ටු සිරුරක් ඇති අයට වගේම ගැබිනියකටත් එළකිරි ඉතා ගුණදායකය. එළකිරි රත් කර හෝ සිසිල් කර පානය කළ හැකිය. එහෙත් සෙම අධික අයෙකුට එළකිරි සිසිල් කර බීම සුදුසු නැත. අතීත කාන්තාවෝ එළකිරි පානය කිරීම පෘෂ්ඨිමත් සිරුරකට හිමිකම් කීමට හේතුවක් විය. 

තෙල් වර්ග 

පොල්තෙල් මෙන්ම තල, ඔලිව්, සූරියකාන්ත, එළවළු ආදී  ඕනෑම තෙල් වර්ගයක් සිරුර මහත් කිරීමට උපකාරී වේ. තෙල් අධික ආහාර ගැනීමෙන් මහත්වන බවට සමාජයේ මතයක් තිබෙන්නේද එබැවිනි. තෙල් රත්කර ආහාරයට එකතු කළ හැකි සේම ඔලිව් වැනි තෙල් වර්ග සලාද වැනි ආහාරවලට යෙදිය හැකිය. 

කෙසෙල් 

විටමින් වර්ග බහුල කෙසෙල් ගුණදායී ආහාරයකි. ඇම්බුන්, කෝලිකුට්ටුවල ඇති මදුර රසය නිසා සිරුර මහත් කිරීමට උපකාරී වේ.  

කිරි සහිත ආහාර 

චීස්, බටර් ද සිරුර මහත් කරයි.  

අලිගැටපේර 

අලිගැටපේරවල තෙල් පදාර්ථ බහුලය. එමෙන්ම සිරුරට හිතකර HDL කොලෙස්ටරෝල් වැඩිපුර තිබෙන බැවින් හදවතටද ගුණ දෙයි. 

මස් වර්ග

මස් වර්ග අතරින් ඌරු මස්වල තෙල් අධිකය. එහෙත් ඌරු මස් නිතර ආහාරයට ගැනීම අක්මාවට අහිතකරය. 
පිටි අධික ආහාර 
බත්, කොස්, සහ පාන් පිටිවලින්  සාදන ආහාර නිසාද සිරුර පෘෂ්ඨිමත් කරයි.

 

සටහන - මහේෂානි මීගහපොළ

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී Read Previous

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී Read Next

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී

Realted Post

Leave a comment