කෙසෙල් විවේකයට රස බලන්න මේ විදියට හදල ගන්න

කෙසෙල්, වසර පුරාම පලදාව ඇති පලතුරකි. මේවා අතුරුපසට වගේම වෑංජන ලෙසින් ද විවිධ ආකාරයට රසවිඳිය හැකිය. කෙසෙල්වලින් සාදන රසවත් කෑම පෙළකි මේ, 

 

බනානා කේක් බෝල්ස්
 
අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි අඬු කෝප්ප 1 ක් (ආනමාලු හෝ ඇඹුල්)
පාන්පිටි කෝප්ප 2 ක්
බේකින් සෝඩා තේ හැඳි 1 ක්
සීනි මේස හැඳි 3 ක්
ලුණු ස්වල්පයක්
එළව`ඵ තෙල් කෝප්ප 2 ක්


සාදන ක්‍රමය
ආනමාලු හෝ ඇඹුල් කෙසෙල් ගෙඩිවල පොත්ත ඉවත් කර පොඩි කරන්න. එය බඳුනකට දමා පාන්පිටි, බේකින් සෝඩා, ලුණු, සිනි දමා ගෑරුප්පුවකින් කලවම් කර එහි වටේට මාගරීන් ටිකක් ගා පැයක් රෙද්දකින්  වසා  තබන්න.  පැයකට  පසු එයින් කුඩා බෝල සාදා ගැඹුරු තෙලේ රන්වන් පාටට  බදින්න. 

 

බනානා කේක්
 
අවශ්‍ය ද්‍රව්‍ය
මාගරින් ග්‍රෑම් 125 ක්
සීනි ග්‍රෑම් 70 ක්
බිත්තර 2 ක්
පිටි ග්‍රෑම් 125 ක්
වැනිලා තේ හැඳි 1/2 ක්
බේකින් පවුඩර් තේ හැඳි 1 ක්
හොඳින් ඉදුණු කෙසෙල් ග්‍රෑම් 150 ක්
චොක්ලට් චිප්ස් ග්‍රෑම් 50 ක්
 
සාදන ක්‍රමය 
මාගරීන් සහ සීනි බඳුනකට දමා හොඳින් ගසන්න. පිටි සහ බේකින් පවුඩර් සමග හලන්න. ඉදුනු කෙසෙල් ගෙඩි පොඩි කරන්න. එය  බටර් මිශ්‍රණයට දමා ගසන්න. අවසානයට පාන් පිටි එකතු කරන්න. එයට වැනිලා සහ චොක්ලට් චිප්ස්  ද එකතු කර මිශ්‍ර කරන්න.  ග්‍රෑම් 500 ක් දැමිය හැකි තැටියක් ගෙන එයට බටර් ගා මිශ්‍රණය දමා තුනීකර සෙන්ටිග්‍රේඩ් 160 උෂ්ණත්වය තුළ විනාඩි 35-40 ක් බේක් කරන්න.

 


 


ටුටූ කෙසෙල්වලින් කෑමක්
 
අවශ්‍ය ද්‍රව්‍ය 
ඇඹුල් කෙසෙල් ගෙඩි ග්‍රෑම් 500 ක්
බටර් ග්‍රෑම් 50 ක්
පිටි ග්‍රෑම් 300 ක්
සිනි ග්‍රෑම් 150 ක්
වැනිලා තේ හැඳි 2 ක්
බේකින් සෝඩා තේ හැඳි 1/2 ක් 
එළවළු තෙල් අඬු කෝප්ප 2 ක්


 සාදන ක්‍රමය
ඇඹුල් කෙසෙල් ගෙඩිවල ලෙල්ල ඉවත් කර තලපයක් ආකාරයට බ්ලෙන්ඩ් කරන්න. බේකින් පවුඩර් සමග පිටි හලන්න. කෙසෙල්වලට පිටි, සීනි, බටර් වැනිලා දමා අතින් අනන්න. තෙල් තාච්චියක් ලිප තබා රත් වන විට  හැන්දක් ගෙන එය වතුර බඳුනක ඔබා මිශ්‍රණයෙන් හැන්දක්  ගෙන තෙලට දමා බඳින්න. මේ ආකාරයට මිශ්‍රණය ගන්නා සෑමවිටම හැන්ද වතුර බඳුනට දමා මිශ්‍රණය ගෙන තාච්චියට දමා බදින්න. 

 

 

අප් සයිඩ් ඩවුන් බනානා කැරමල් කේක් 

 

උපදෙස් 
කේක් නිර්මාණ ශිල්පී 
කේන් පෙරේරා

 

අවශ්‍ය ද්‍රව්‍ය
යාන්තමට දියකරගත් මාගරීන් ග්‍රෑම් 50 ක්
සීනි ග්‍රෑම් 150 ක්
කුරුඳු කුඩු  තේ හැඳි 1/2 ක්
රවුමට කපාගත් කෝලි කුට්ටු ගෙඩි 2 ක්

කේක් මිශ්‍රණය
අවශ්‍ය ද්‍රව්‍ය 
බටර් ග්‍රෑම් 100  ක්
සීනි ග්‍රෑම් 100 ක්
පාන් පිටි ග්‍රෑම් 225 ක්
බිත්තර 1 ක්
බේකින් සෝඩා තේ හැඳි 1 ක්
වැනිලා තේ හැඳි 1 ක්
ගසාගත් යෝගට් 1 ක්
ලුණු තේ හැඳි 1/2  ක්
ගෑරුප්පුවකින් පොඩි කර ගත් කෝලි කුට්ටු ගෙඩි 2 ක්


සාදන ක්‍රමය
කේක් තැටියේ අඩියට  දියකරගත් බටර් වලින් ටිකක් ආලේප කරන්න. ඉතුරු බටර් වලට සීනි, කුරුඳු කුඩු, ගෑරුප්පුවකින් මිශ්‍ර කරන්න. එය තැටියේ අඩියට දමා  කෝලි කුට්ටු පෙති අතුරන්න. දැන් කේක් මිශ්‍රණය (පහතින් දැක්වේ) උඩින් දමන්න. සෙන්ටිග්‍රේඩ්  180 උෂ්ණත්වයට  විනාඩි 45 ක් බේක් කරන්න. 
 
කේක් මිශ්‍රණය
බටර්, බිත්තර, සීනි එකට දමා මිශ්‍රකර එයට වැනිලා දමා ගසන්න. නැවතත් ගසාගත් යෝගට් සහ පොඩි කරගිත් කෙසෙල් දමා විනාඩි 3 ක් පමණ බීට් කරන්න. පිටි සහ බේකින් සෝඩා දමා හලාගත් පිටි මිශ්‍රණය එකතු කර ගෑරුප්පුවකින් මිශ්‍ර කරන්න.  

පුෂ්පා රණවීර


  

 

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා  නස්රීන් Read Previous

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා නස්රීන්

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Next

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

Realted Post

Leave a comment