ක‍්‍රීම් චීස් මිශ්‍ර රුලං කේක්

ප‍්‍රභානි සමරසුන්දර වන ඇය අද වන විට ජීවිතය ජය ගෙන තිබෙන්නේ කේක් නිර්මාණ ශිල්පිනියක් ලෙසයි. ඇයගේ ගම් පළාත මතුගම ය. උසස් පෙළ අධ්‍යාපනයෙන් පසු ඇය කැලණිය සරසවියෙන්  බාහිර උපාධිය හදාරමින් සිටින අතරතුර කේක් සෑදීමට තිබූ ආශාව නිසාම අභියෝග දුෂ්කරතා මැද වුවත් කේක් නිර්මාණය කිරීම ආරම්භ කර තිබේ. ඒ සඳහා ඇයට ඥාතීන්ගෙන් වගේම සැමියාගෙන් ද ලැබී ඇත්තේ විශාල දිරියකි. 

”මම කේක් හදන්න පටන් අරන් වසර හයක් පමණ ගතවෙනවා. අද වන විට මතුගම ප‍්‍රදේශයේ පමණක් නොව දිවයිනේ බොහෝ ප‍්‍රදේශ ප‍්‍රදේශවලින් මගේ කේක් නිර්මාණ සඳහා විශාල ඉල්ලූමක් තිබෙනවා. දැන් මම ව්‍යාපාරයක් විදියට කේක් නිර්මාණය සාර්ථක ලෙස කරගෙන යනවා වගේම කේක් සෑදීමට ගන්නා සියලූ‍ම කේක් උපකරණ ද සියලූ‍ම සැරසිලි හා සැමරුම් උපකරණ ද පොඩිත්තන්ගේ උපන්දින සාද සදහා ද නවීන පන්නයේ උපකරණ කුලී පදනම මත ලබා දීමත් කරනවා. මාගේ ලොකුම ආසාව කේක් නිර්මාණ ශිල්පිනියක් ලෙස ලෝකය දිනන්නයි. ඉදිරියේදී කේක් ඇකඩමියක් කරගෙන යාමටද බලාපොරොත්තුවෙන් සිටිනවා.” 
ඒ ඇගේ කතාවයි. ඉතින් ජීවිතය දිනන්නට උත්ාසහ කරන බොහෝ කතුන්ට ඇය ආදර්ශයක් වන අතරම ඇය පවසන්නේ ස්වයං රැුකියාවක් විදියට  ඕනෑම කාන්තාවකට ජීවිතේ දිනන්න මෙය කේක් නිර්මාණ කිරීම හොඳ ස්වයං රැකියාවක බවයි. මේ ඇය විසින් කරන ලද කේක් නිර්මාණයකි. 

 

රුලං චොක්ලට් කේක් 

අවශ්‍ය දේවල්

රුලං ග‍්‍රෑම් 200 ක්

සීනි   ග‍්‍රෑම් 250 ක්

බටර් ග‍්‍රෑම් 250 ක් 

බිත්තර  5 ක් 

කොකෝවා පවුඩර් ග‍්‍රෑම් 40 ක්

බේකිං පවුඩර් ග‍්‍රෑම් 10 ක්

වැනිලා තේ හැඳි 2 ක්

ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 2 ක් 

 

ක‍්‍රීම් එක සෑදීම සඳහා 

අයිසින් ෂුගර් ග‍්‍රෑම් 400 ක්

ක‍්‍රීම් චීස් ග‍්‍රෑම් 250 ක්

කොකෝවා පවුඩර් ග‍්‍රෑම් 20 ක්

විපින් ක‍්‍රීම් කප් 1/4 ක් 

මිල්ක් චොකලට් ග‍්‍රෑම් 100 ක්

ආමන්ඩි/කජු

 

සාදාගන්නා ආකාරය 

පළමුවෙන්ම රුලං පිටිවලට කොකෝ පවුඩර්, බේකිං පවුඩර් දමා 3 වරක් හලාගෙන එක පැත්තකින් තබාගන්න. ලොකු කැට සිනී නම් සිනි ටික බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසු කේක් ටේ‍්‍ර එකකට ඔයිල් පේපර් එකක් දලා බටර් ටිකක් ගල්වා සූදානම් කරගන්න.

බටර් එකේ කූල් තිබියදීම විනාඩි 5ක් පමණ බීට් කරන්න. 

බ්ලෙන්ඞ් කරගත් සීනි ටික ටික එක්කරමින් බීට් කරන්න. සීනි හා බටර් හොඳින්  ක‍්‍රීම් ගතියට එනතෙක් බීට් කරගන්න. සිනී බ්ලෙන්ඞ් කර තිබෙන නිසා විනාඩි 6ක් පමණ බීටර් එකේ අඩුම වේගයකින් බීට් කිරීම ප‍්‍රමාණවත්. බීටර් නැති අය හැන්දකින් හෝ විස්ක් එකකින් බීට් කරගන්න. 

දැන් වෙනම භාජනයක් ගෙන බිත්තර සුදුමද වෙන් කරගන්න. කහ මද වරකට එක බැගින් බටර් සිනි මිශ‍්‍රණයටම දමා කහමද පහ එක්කරමින් බීට් කරන්න. මේ බීට් කරන සෑම වරකම එකම වේගයකින් යටතේ බීට් කරන්න අමතක කරන්න එපා. 

මීළඟට බිත්තර සුදු මද ටික ක‍්‍රීම් ගතියට පෙන එනතෙක් බීට් කරන්න. 

මුලින් හලා තබාගත් රුලං පිටි, කෝකෝවා පවුඩර්, බේකිං පවුඩර් මිශ‍්‍රණයෙන් ටික ටික ගෙන බටර් මිශ‍්‍රණයට දමා කලවම් කරන්න. රුලං පිටි එක් කළ පසු කේක් එක බීට් කරන්නේ නැහැ. ලී හැන්දකින් හෝ ස්පැචුලා එකකින් කලවම් කරනවා පමණයි. මේ විදිහට වරින් වර පිටි ටික ටික දමමින් සියල්ලම කලවම් කරගන්න. මෙතැනදී මිශ‍්‍රණය කලවම් කරන්න  ඕනෑ එකම පැත්තකටයි.

අවන් එක උෂ්ණත්වය අංශක 180 ට රත්වෙන්න තබන්න විනාඩි 10ක් පමණ. මේ කේක් මිශ‍්‍රණයටම ක‍්‍රීම් වෙන්න බිට් කරගත් බිත්තර සුදුමද ටිකෙන් ටික දමා මිශ‍්‍ර කරන්න. දැන් වැනිලා හා කිරි එක්කර නැවත මිශ‍්‍ර කරන්න.

මීළඟට කේක් මිශ‍්‍රණය ඔබ සූදානම් කරගත් කේක් තැටියට දාගන්න.  මිශ‍්‍රණය දමනවිට සමානව විසිරී යන විදිහට දමන්න. 

දැන් කේක් එක විනාඩි 35 ක් හෝ 40කට පසු පිරිසුදු ටූත්පික් එකක් ගසා බලන්න. වියළිව ඇත්නම් කේක් එක පදමට බේක් වී අවසන්. ඇලෙන සුළු නම් තව ටික වේලාවක් බේක්වෙන්න තබන්න. එක එක අවන්වල ක‍්‍රියාකාරිත්වය වෙනස් නිසා කේක් එක බේක් කර ගැනීමේදී ඔබේ අත්දැකීම් හුඟක් වැදගත් වෙනවා.

කේක් එක නිවෙන්න හැර අපි චොකලට් ක‍්‍රීම් චීස් එක සාදා ගනිමු.

මුලින්ම හළාගත් අයිසින් ෂුගර් කෝකෝවා පවුඩර් සමග මිශ‍්‍ර කරන්න.

බෝල් එකකට ක‍්‍රීම් චීස් දමාගෙන සාමාන්‍ය වේගයකින් ක‍්‍රීම් චීස් ටික බීට් කරන්න. දැන් බීට් කරගත් ක‍්‍රීම් චීස් ටිකට කොකෝ පවුඩර් දමා ගත් අයිසින් ෂුගර් ටික ටික දමා බීට් කරගන්න. වැනිලා තේ හැදි 2 ක් දමන්න.
ඉන්පසු ෆ්‍රෙෂ් මිල්ක් සමග ඩාක් චොකලට් ඩබල් බොයිල් කරන්න, නැතිනම් මයික්‍රෝවේව් අවන් තිබෙන අය විනාඩි 2 ක්මයික්‍රෝවේව් කරන්න. දැන් හැන්දකින් හොඳින් කවලම් කර නිවෙන්න හරින්න. 

ඉන්පසු කේක් බෝඞ් එකක් ගෙන කේක් එක තබා අයිසින් කරගන්න. ඉන්පසු දිය කරගත් චොකලට් පයිපින් බෑගයකට දමා පොඩියට කපා කේක් එක වටේට, මැදට චොකලට් දමා තවත් ලස්සන කරගන්න. කේක් එක තවත් රසකර ගන්න. රෝස්ට් කරගත් කජු සහ ආමන්ඩි එකතු කරන්න.

නයනා උදයංගනී

 

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල Read Previous

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල

දවස් 7ම, 24පැයේම බඩ ඉල්ලන රසයට Blooming Breakfast Read Next

දවස් 7ම, 24පැයේම බඩ ඉල්ලන රසයට Blooming Breakfast

Realted Post

Leave a comment